අටවන දිගහැරුම 📌️

221 7 0
                                    

"විනීත් මෙ අහන්නකො මට ඔයාගෙ චිත්‍රයක් අදින්න ආසයි...දවසක අඳිමුද..හැබැයි ටික වෙලාවක් ඉන්න වෙනවා එක විදියකට.."

"ඒක තමයි මට කරන්නම බැරි.."

"මොකක්ද"

"එක විදියකට ඉන්න එක"

විනීත් විහිලු කරද්දි නර්ස් එතනට ආවෙ තුන්දෙනාටම අයිස්ක්‍රීම් අරගෙන...

"නිදි කන් නෑනෙ..ඒකත් මට තමා කන්න වෙන්නෙ.."

කාටත් කලින් විනීත් කියද්දි නිදි විනීත් දිහා බැලුවෙ පුදුමයෙන්

"ඔයා කෝමද දන්නෙ මං අයිස්ක්‍රීම් කන් නෑ කියලා..මං ඔයාට කලින් කියල නෑනෙ."

විනීත් ගල්ගැහිලා ටික වෙලාවක් නිශ්ශබ්දව බලා ඉද්දි  නිදි විනීත් දිහාම බලන් හිටියා...

"මො..මොකො නැත්තේ..ඔ.ඔයා මට කියල තියෙනවා  අයිස්ක්‍රීම් කන් නෑ කියලා.."

ගොත ගැහෙද්දි  විනීත්ට තමන් එක්කම තරහක් ආවෙ  කට පරිස්සම් කරගන්න බැරි වුණ නිසා...

"බොරු..මං මීට කලින් කියල නෑ..."

"එහෙනම් රතීෂ් වෙන්න ඇති..කවුරු හරි කීවා..නැත්නම් මං දන්නෙ කෝමද.."

විනීත් ටිකක් සැරෙන් කියද්දි නිදි මොකුත් කියන් නැතුවම ඒ කතාව එතනින් ඉවර කරා..

තුන් දෙනාම හවස් වෙනකොට බීච් ගියේ  රෑ කෑමත් එලියෙන්ම ගන්න හිතා ගෙන..
නිදිට බීච් එකේදි  රතීෂ්ගෙ මතකයන් ඔක්කොම මතක් උනත්  ඒ මතකයන් නිදිට ගෙන ආවෙ සතුටක්.....

"මමයි රතීෂුයි ආසම බීච් එන්න..අපි දෙන්න කොහෙ ගියත් රණ්ඩු වෙනවා..බීච් ආව දවසට රණ්ඩු වැඩී...මං කොල්ලො දිහා බලනවා කියලා එයා රණ්ඩු කරනවා"

නිදි හිනාවෙවී විනීත් දිහා බලද්දි විනීත් ඈත බලන් හිටියෙ කවුරුහරි ගැන අවධානයෙන්..

"ඇයි විනීත්..කවුද...."

නිදිත් විනීත්  බලන් ඉන්න දිහාවටම ඇස් හරවද්දි විනිත් ආපහු හැරුනෙ ක්ෂනයෙන්

"නෑ කවුරුත් නෑ..අපි අර පැත්තට යන්.."

නිදි එක්කන් යන්න හැදුවත් නිදි හොඳින් බැලුවෙ ඈතින් ඉන්න කපල් එකක් දිහා..

you're mine ♥️ (Sinhala)(Completed)Where stories live. Discover now