ටුක් එකක් දාගත්ත නිදී ලොකේෂන් දුන්නෙ ඒ පැත්තෙ තිබුනු ලස්සන දියඇල්ලකට...
"ඒ ෆ්රොක් එක ඔයාට ලස්සනයි..කලර් එකත් ඔයාට මැච්.."..
" තෑන්ක්ස් විනීත්..මං ආසම පාට.."
නිදි ඒම කීවෙ.. තමන්ගෙම හැඩ බලනගමන්..
"ඒක නෙවේ ඔයා ඔය ජොබ් එක පටන් අරන් දැන් කොච්චර කල්ද."
"දැන් අවුරුදු දෙකක් විතර ඇති.ඒක මං කරන්නෙ ජොබ් එකක් විදියටම නෙමේ..ඒක මගෙ හොබි එක"
විනීත් ඒම කීවෙ තොල් ඈත් කර සිනාසෙමින්..
"හොඳයි හොඳයි..අද මටත් පොටෝස් ටිකක් ගහගන්න පුලුවන්"
සිනාසෙන ගමන් නිදි කියද්දි විනීත් නිදි දිහා බලන් හිටියේ ඒ සුන්දරත්වය විදිමින්...
දෙන්නම ප්ලේස් එකට ආවට පස්සෙ විනීත් මුලින් ම කරේ දියඇල්ලෙ පොටෝස් ගත්ත එක.නිදිගෙ ඉල්ලීම නිසා නිදිගෙ පොටො ෂූට් එකකුත් කරා.වැඩි වෙලාවක් ගත වුණේ ඒකට..
දෙන්නම දියඇල්ල ඉස්සරහින් තියෙන තණකොල පිටිය මත ඉඳගත්තෙ සියල්ල හමාර කිරීමෙන් පසුවයි.." ඒක නෙවේ ඔයා වැඩිපුර ඉන්නෙ තනියම නේද..යාලුවො ඒම නැද්ද."
විනීත් නිශ්ශබ්දතාව බිඳිද්දි නිදි දියඇල්ල දිහා බලාගෙනම හිටියා..
" මට යාලුවො නෑ විනීත්...මට හිටිය එකම එක යාලුවයි.. දැන් අවු.10 කට කලින් එයාගෙ ෆැමිලි එකම රට ගියා..ආය අපි මුණ ගැහුන් නෑ... අනික මං ගොඩක් තනියෙන් ඉන්න ආස කෙනෙක්."
" ඕහ් ..ඉතින් ඔයා එයාව කන්ටෑක් කරගන්න බැලුවෙ නැද්ද..."
"මං හෙව්වා... ඒත් එයා එයාගෙ ෆැමිලි එකත් එක්ක නෑ..මට හිතා ගන්න බෑ එයා කෝ කියල.."
"මොකක්ද එයාගෙ නම"
" එයා ටීනා..."
නිදී බර සුසුමක් පිට කරද්දි විනීත් හිතුවෙ ඒ ගැන තවත් කතා කරන එක සුදුසු දෙයක් නෙවේ කියලා..
" ඔයාට රතීෂ් හම්බුනේ කොයි කාලෙද.."
" එයා .....දැන් අවු දෙකක් විතර ඇති...ඒක නෙවේ ඔයාට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් නැද්ද.."
![](https://img.wattpad.com/cover/350732544-288-k845663.jpg)
YOU ARE READING
you're mine ♥️ (Sinhala)(Completed)
القصة القصيرة"මං ඔයාට කතාවක් කියන්නද ....." " හ්ම්ම්.." "අහන් ඉන්න හොඳට හරිද. අවු: හතක ගර්ල් කෙනෙක් හිටියා හරිද .එයාට හැමදේකටම හිටියෙ එකම එක යාලුවයි... එයාගෙ හැමදේම උනේ ඒ යාලුවා..ඒත් එයාට අවුරුදු දහයක් වෙද්දි ෆැමිලි එකම රට යනවා.. පුංචි වයසෙදිම ඒ දෙන්නා වෙන් වෙ...