හයවන දිගහැරුම 📌️

244 7 0
                                    

නිදිව හොස්පිටල් ඇඩ්මිට් කරන්න තියෙද්දි විනීත් ඩොක්ටර්ගෙ පර්මිෂන් ඉල්ල ගත්තෙ නිදිව නර්ස් කෙනෙක් එක්ක ගෙදරදි බලාගන්නම් කියල..විනීත්ට ඕන වුණේ නිදිව ඒ පරිසරයෙන් ඈත් කරල තියාගන්න.සතියට දවස් හතරක්ම හොස්පිටල් යන්න වුණේ ට්‍රීට්මන්ට් වලට...ඒ හැමදවසක්ම විනීත් නිදිව හොස්පිටල් එක්කන් ගියා.නිදිගෙ පේරන්ට්ස්ල නිදිව එයාලා ලගට ගෙන්න ගන්න හැදුවත් නිදි අකමැති වුණා..ඒ නිසා නිදිට එයාලගෙන් හම්බුනේ සල්ලි විතරයි..දවස් ගානක් ගත වුණත් රතීෂ්ගෙන් පණිවිඩයක් නැති වුණා...නිදි හැමවෙලේම කීවෙ දැන් රතීෂ්ට කෝමත් තමන් වගේ ලෙඩෙක්ව ගැලපෙන් නෑ කියලා..රතීෂ් නාව එක ගැන නිදි සතුටින් බව ඇගෙව්වත් ඒ ගැන කලකිරීමක් හිතේ කොනක තිබ්බා...නිදි කවදාවත් බැඳීම් පස්සෙ පන්නන කෙනෙක් නෙවේ..එයාව ප්‍රතික්ෂේප වන හැම තැනකින්ම නිහඬවම පිටවෙන්නෙ නිදි හැම දේම ගැනම පුළුල් ලෙස හිතන නිසයි..නිදි හැම පැත්තකින් ම තනි වෙද්දි විනීත් ඒ හැමවෙලේම නිදිගෙ ලගින්ම හිටියා...

"ඇයි ඔයා මේ දේවල් කරන්නෙ....මගෙ අම්මලටවත් මාව ඕන නෑ....එහෙම එකේ ඔයා ඇයි මේ.."

විනීත් සුප් එක අරන් රූම් එකට එද්දි නිදි ඇහුවෙ කියව කියව හිටපු පොත පසකින් තබමින්..

" ඔයාට දවසක තේරෙයි ඇයි කියලා.."

විනීත් හිනා වුනේ නිදිගෙ ඇඟට රෙදිකැබැල්ලක් දාන ගමන්මයි..

"මොනවද තේරෙන්නෙ.."

"යූ ආ මයින්.."

පැත්තක තිබ්බ පොත අතට ගත්ත විනීත් කියෙව්වෙ පොත පෙරලන ගමන්.

" මං අහන එකට උත්තර දෙන්න..."

"මොකක්ද දැන් සුදු බෝලෙට දැනගන්න ඕන"

පොත පැත්තකින් තිබ්බ විනීත් සුප් එක අතට ගත්තෙ හැන්දත් එක්කමයි...

" ඇයි මේ කොහේවත් ඉදන් ආපු ඔයා මං ගැන මේම බලන්නෙ."

"ඔයාට මං කොහේවත් ඉදල ආව කෙනෙක්ද .හ්ම්ම්.."

" එහෙම නෙවෙයි විනීත්..."

"එහෙනම් කෝමද.."

හැන්දෙන් හැන්ද නිදිට සුප් පොවන ගමන් විනීත් සැරින් සැරෙ ලේන්සුවෙන් නිදිගෙ කට දෙපස පිරිසිදු කරා...

you're mine ♥️ (Sinhala)(Completed)Where stories live. Discover now