දොලොස්වන දිගහැරුම 📌️

326 12 4
                                    

දවස් තුනකට පෙර..

"කාවද හොයන්නෙ.."

"අභිමන් වික්‍රමසිංහ !."

විනීත් අභි ව අපේක්ෂාවෙන් අහද්දි ඒ කාන්තාව මොහොතකට ගොලු වුනේ විනීත්  දිහා බලාගෙනමයි.

"එන්නකො ගෙට.."

"පුතා කෝමද අභිව අඳුරන්නෙ.."

"මං එයාගෙ යාලුවෙක් ආන්ටි."

"අහ්..පුතා ඉන්නකො මං බොන්න මොනාහරි ගේන්නම්.."

ටික වෙලාවක් විශාල ආලින්දයක විනීත් තනි වෙද්දි අවට බිත්ති වලට ඇස් යොමු උනේ ඉබේටමයි...ගෙයි සිරි නරඹ නරඹ ඉද්දි  තේකත් අරගෙන ඒ කාන්තාව ආවා.

"අභි ගෙදර ඉන්නවද ආන්ටි."

"පුතා අභිගෙ යාලුවෙක් කිව්වා නේද..අභි දැන් නැතිවෙලා අවුරුදු  දෙකකටත් වැඩි...."

විනීත් මොහොතකට ඒ වචන අස්සෙ හිරවෙද්දි  නිදිව මතකයට ආවෙ නිදිත් ඒ ගමන කවද හරි යනබව මතක් උන නිසා වෙන්න ඇති.

"ඒ මොකක් වෙලාද ආන්ටි.."

"ඇක්සිඩන්ට් එකක් වෙලා පුතා.."

"එතකොට ආන්ටි නිදිව දන්නවද..නිදි වර්ණකුලසූරිය ..."

"මොකද නැත්තෙ පුතා..මං ඒ කෙල්ලට හරි ලෝබයි..ඒ දරුවා අපේ ගෙදර එක්කන් එන්න අපිට වාසනාවක්නැති උනා..අන්තිමට කාත් කවුරුත් නැතිව මං තනිවුනා.."

"ඒ කීවෙ ආන්ටි.."

"අභි නිදිව මැරි කරන්න හිටියෙ...ඔක්කොම ලැහැස්ති වෙලා තිබ්බෙ..දවසක් නිදිට අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා මෙයා තනියම රෑ ගෙදර එනකොට ඇක්සිඩන්ට් උනා පුතා.. අනේ මගෙ කොල්ල එතනම නැති උනා.."

ඉකි ගගහා ඒ අම්මා අඬද්දි විනීත් නිදිගෙ ලෙඩේ හංගපු කතාව ගැන යම් අදහසක් ආවා...අභි නිදිගෙ අසනීපය දැන් ගෙන රැයක් ගත්වෙන්නත් කලින් මිය ගිහින්....අභි ජීවත් උනානම් අද නිදිත් සනීප වෙලා.මේ දේවල් එකිනෙක ගලපමින් විනීත් කල්පනාවකට වැටුනා.

"පුතා කෝමද නිදිව අඳුරන්නෙ..."

"නිදිත් මගෙ යාලුවෙක් අම්මා.."

ආන්ටි කියලා කතා කරපු විනීත් සැනින් අම්මා කියල කතා කරේ පුතෙක් නැති වුන අම්මා කෙනෙක්ගෙ දුක විනීත්ට තේරුම්ගන්න පුලුවන් නිසා වෙන්න ඇති...

"එහෙනම් මං ගිහින් එන්නම් අම්මා.."

"හරි පුතේ බුදුසරණයි .."

..........................................................

මගෙ ජීවිතේ පොඩි කාලෙ ඉඳලම මට හැමදේම ඔයා...අඳින් පස්සෙ මගෙ ජීව්තේ කවුරුත් නෑ..මං හැමදාම කල්පනා කරා ඔයා නැති දවසක මං හිත හදාගන්නෙ කෝමද කියලා..ඒත් මටත් කලින් ඔයා මේ දුක දරාගෙන තියෙනවා කියල දැනගත්තම මට මාර හයියක් ආවා සුදු බෝලේ...මගේ ජීවිතෙන් ඔයා ගියා වගේ කාලෙකට කලින් ඔයාගෙ ජීව්තෙන් අභි ගිහින්...ඔයා ඒ දේවල් තනියම දරාගෙන..
ඔයා යන්න කලින් ඉඳන්ම දැනන් හිටියා ඔයා ගියාම මට දැනෙන විදිය...ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මට සතුටුයි සුදු බෝලෙ..මගෙ පවුල මට මගේ කියන හැමදේම නැති වෙද්දි...මට මගෙ එකම ආදරෙත් එකම යාලුවත් නැති උනා...දන්නවද රත්තරන්..
දැන් මට ජීවත් වෙන්න ලේසි..දැන් මට නැතිවෙන්න කියල කිසිම දෙයක් නෑ...ආදරේ හරි පුදුමයි...මට ඒක විදින්න ලැබුනෙ ඔයාගෙන්..දෙයක් නැතිව ඉන්නවට වඩා තිබිලා නැතිවෙද්දි දුක වැඩී..මට මොනදේ නැති උනත් එක දෙයක් මං ලඟ තියේ..ඒ ඔයාගෙ මතක...මං මොනදේ නැති කරගත්තත් ඒක නැති කරගන් නෑ...

ආදරේ කරද්දි අපි එකතු කරන්න ඕන එකම දේ මතක.මොනවා නැති උනත් මතක සදහටම ඔයා ලඟ තියේවි...ඉතිරි කාලය හුස්ම ගන්න ඒ මතක වෙර දේවී..


ඔයා මගෙන් ඈත් වුන හැම වෙලේම මං  අලුත් විදියකට ඔයා ලඟට ආවා..හැමදාම ඒම වෙයි..

I WILL COME TO YOU IN A NEW WAY....

රොබරෝසියා මල් වැටුනු නිදිගෙ සොහොන් කොත මත මල් කලඹ තියලා ආපහු හැරුණු විනීත් හෙමින් හෙමින් ඈතට ඈතට ඇවිදන් නොපෙනීම ගියා..........................

සමාප්තයි.......

🌼🥀

you're mine ♥️ (Sinhala)(Completed)Where stories live. Discover now