හොස්පිටල් යන්න පිටත් වුණ විනීත් මග දිගටත් කල්පනා කලේ නිදි ගැන..නිදිගෙ හිනාව..හුරතලේ ....කියවිල්ල...ඔක්කොම ගැන මතකයට එද්දි විනීත්ගෙ මූණෙ ඇඳුනෙ ලස්සන හිනාවක්..
හොස්පිටල් එකට ආපු විනීත් ඉක්මනින් ඉක්මනින් ඩොක්ටව හොයන් ගියේ නිදි එක්ක එක්ක එලියට යන්න තිබ්බ ආසාව නිසා ඉක්මනින් ආය යන්න හිතාගෙන.....
"ඩොක්ටර් "
රූම් එකට ඔලුව දාලා විනීත් කතා කලේ තමන් ආපු බව අඟවමින්..
" ආ එන්න විනීත්"
විනීත් ඩොක්ටර් ලඟින් ඉඳගද්දි ඩොක්ටර් විනීත්ව පිලිගත්තෙ සෞම්‍ය හිනාවකින්..
"නිදිට හොඳියිද දැන්.."
" ඔව් ඩොක්ටර් දැන් නම් හොඳයි...රිපෝට්ස් අවුලක් නෑනේද ඩොක්ටර් .."
" ඒ ගැන කතා කරන්න තමයි එන්න කීවේ..නිදිගෙ පේරන්ට්ස්ල මෙහෙ නැත්නම් මේක ගැන කතා කරන්න හොඳම කෙනා ඔයා.."
" ඔව් කියන්න ඩොක්ටර් "
ඩොක්ටර් ඒම කියද්දි විනීත්ගෙ හිත ටිකක් කලබල වුණා.
" නිදි පිටතින් හොඳින් වගේ පෙනුනට නිදි හොඳින් නෑ විනීත්."
"ඇයි ඩොක්ටර් නිදිට මොකද"
" කලබල වෙන්න එපා විනීත්..ඉස්සෙල්ලා මං කියන එක හොඳට අහන් ඉන්න.නිදිට කැන්සර් එකක්..."
"මොකක්....නිදි.......කැන්සර් ......"
" විනීත් ප්ලීස් කලබල වෙන්න එපා.."
ඩොක්ටර් විනීත්ව සන්සුන් කරන්න හැදුවෙ විනීත්ගෙ අත් දෙක තම අත් දෙකෙන් අල්ලගෙන සනසමින්.
" ඩොක්ටර් නිදිව සනීප කරන්න පුලුවන් නේද..."
" ඉස්සෙල්ල මං කියන එක අහන් ඉන්නකො විනීත්..ෆේන්ට් වෙලා එන්න කලිනුත් නිදි දවසක් හොස්පිටල් ඇඩ්මිට් කරා ..දැන් ගොඩක් කල්...එදා ආවෙ නම් වෙන බෝයි කෙනෙක්..එදා තමයි අපි ඉස්සෙල්ලම දැන ගත්තෙ නිදි ඉන්නෙ කැන්සර් එකක මුල්ම අවධියෙ කියල....ඒත් ඒක එතනින්ම නවත්තගන්න පුලුවන් තත්වෙක තිබ්බා..මං ඒ බෝයිට මේ හැමදෙයක්ම හරිම පැහැදිලිව විස්තර කරල කීවා..මං කිව්ව නිදිගෙ ෆැමිලි එකට මේ ගැන ඉන්ෆෝම් කරන්න කියලා..මට තේරෙන් නැ ඒ බෝයි මේ වෙනකන් මුකුත්ම කරල නෑ...මේ සැරේ නිදි ෆේන්ට් වෙලා ආවම මං ආය චෙක් කරා...ඒ රිපෝට්ස් තමයි මේ... දැන් තිබ්බට වඩා වැඩේ බරපතලයි.."

YOU ARE READING
you're mine ♥️ (Sinhala)(Completed)
Truyện Ngắn"මං ඔයාට කතාවක් කියන්නද ....." " හ්ම්ම්.." "අහන් ඉන්න හොඳට හරිද. අවු: හතක ගර්ල් කෙනෙක් හිටියා හරිද .එයාට හැමදේකටම හිටියෙ එකම එක යාලුවයි... එයාගෙ හැමදේම උනේ ඒ යාලුවා..ඒත් එයාට අවුරුදු දහයක් වෙද්දි ෆැමිලි එකම රට යනවා.. පුංචි වයසෙදිම ඒ දෙන්නා වෙන් වෙ...