දහවන දිගහැරුම 📌️

229 8 0
                                    

උදේම නිදි ඇස් ඇරල බලද්දි නුපුරුදු බවක් දැනුන නිසා නිදි වටපිට බැලුවෙ විමසිල්ලෙන් ..
ටික වෙලාවක් යනකොට නිදිට තේරුනා නිදි ඉන්නෙ හොස්පිටල් එකෙ කියලා..
ලගම පුටුවක ඔලුව ගහගෙන නිදාගෙන ඉන්න විනීත් ව දැක්ක ගමන් නිදි  විනීත්ගෙ ඔලුව උඩින් අත තිබ්බෙ විනීත්ව  ඇහරවන්න කියල හිතාගෙන...

"නිදි...ඔයා නැගිට්ටද..."

විනීත් ඔලුව උස්සලා බලල නිදි ලගට ලංවුනා..

"කොයි වෙලේද අපි හොස්පිටල් ආවෙ.."

"ඊයේ උදේ සුදු බෝලේ....දැන් තමයි ඔයාට සිහිය ආවෙ.."

"ඒ කියන්නෙ මං දවසක්ම මේම හිටියද.."

"ඔව්නෙ...මං මාර පාලුවෙන් හිටියෙ  "

විනීත් දත් විලිස්සන් කියද්දි නිදිගෙ මූනටත් හිනාව ඉබේම ආවා...

*************************************************

"නර්ස්... නර්ස් .... නිදිට සිහිය නෑ ඉක්මනට එන්න.."

විනීත්ගෙ කෑගැහිල්ලට නර්ස් දුවන් එද්දි විනීත් හිටියෙ නිදිව බදාගෙන...

"කෝ මට ඉඩ දෙන්න..."

නර්ස් නිදිව පරීක්ෂා කරන දිහා විනීත් බලන් හිටියෙ ඔලුවෙ අතගහගෙන...

"එයාට මොකක් වෙලාද.."

"අපි හොස්පිටල් යන්න ඕන දැන්ම..කාර් එක රෙඩි කරන්න.."

නර්ස් කියද්දි විනීත් දුවගෙන ගියේ තත්පරයක් වත් අහක නොදමායි..

නිදිව කාර් එකේ දාගෙන ඉක්මනටම හොස්පිටල් එකට ගිය විනීත්  නිදිව චෙක් කරනකන් බලන් හිටියෙ ඉවසිල්ලක් නැතුව..
ඩොක්ටර් නිදිව චෙක් කරල  එලියට ආවෙ විනීත්ව බලාපොරොත්තු වෙන් මයි..

" විනීත්..කෙල්ල හොදටම වීක්...එන්නකො චුට්ටක් අපි කතා කරමු.."

විනීත්ව රූම් එකට එක්කන් ගිය ඩොක්ටර් විනීත් ලගින් වාඩි කරවගත්තා..

" විනීත් මට හරිම කණගාටුයි...අයිම් සොරි මට මේම කියන්න උනාට...නිදි දැන් අන්තිම දවස් ටික ගත කරන්නෙ...ඒක අදද හෙටද තව මාසෙකින්ද කියන්න මං දන් නෑ..ඒත් අදින් පස්සෙ එයා ජීවත් වෙන කාලයක් නිශ්චිතවම කියන්න බෑ..මේ පාර ටික කාලයක් එයාව හොස්පිටල් එකෙ තියන්න..එක්කන් ගියාම එයා ආස දෙවල් ඒ හැමදෙයක්ම එයාට දෙන්න.මේ බවක් එයාට අඟවන්න එපා..හැකි ඉක්මනින් එයාගෙ පේරන්ට්ස්ලටත් එන්න කියන්න..එච්චරයි මට කියන්න තියෙන්නෙ..අයිම් සොරි විනීත්..."

you're mine ♥️ (Sinhala)(Completed)Where stories live. Discover now