එකලොස්වන දිගහැරුම 📌️

242 8 0
                                    

හොස්පිටල් එකෙන් එලියට ආව විනීත් පාර දිගේ පයින්ම ඇවිදන් ගියේ නිදි කාර් එක දැන් එයාට අයිති නැති නිසයි...ඔහේ කල්පනා කර කර ගිහින් පාරෙ අයිනක වාඩි උනේ දැනුනු මහන්සිය නිසයි..

'මට සමාවෙන්න නිදි...ඔයාට මට සමාව දෙන්නම වෙනවා..ඔයාගෙ තරහ නිවුනම ඔයා මට කතා කරයි .එතකන් මං බලන් ඉන්නම්...මොනා කරත් ඉක්මන් කරන්න සුදු බෝලෙ අපි දෙන්නට වැඩි කාලයක් නෑ...'

අනිත් අතට නැගිටපු විනීත්ට ඇඟට අලුත් පනක් ආවෙ නිදි ඉක්මනටම තමන් ගාවට එයි කියන බලාපොරොත්තුව නිසයි..එහෙන්මම නර්ස්ට ඩයල් කරපු විනීත් ඉක්මනින් ඉක්මනින් අඩිය තිබ්බෙ..බස් හෝල්ට් එකක් හම්බෙනකන්..

"හෙලො නර්ස් මං විනීත්.."

"කියන්න විනීත්.."

"නිදි ගැන බලාගන්න..එයාගෙ ඔක්කොම දේවල් මට කියන්න..මට හැමදේම කියන්න ප්ලීස්..උදව්වක් ඕන උනොත් මට කියන්න..ඒ ගැන කිසි දෙයක් නිදිට කියන්න එපා. ....එයා ගෙදර එක්කන් එනවනම් ඒකත් මට කියන්න..ප්ලීස් මට මේ වෙලාවෙ උදව් කරන්න."

"හරි විනීත් ඔයා බය වෙන්න එපා මං නිදිව බලාගන්නම්..හැම දෙයක්ම මං ඔයාට ඉන්ෆෝම් කරන්නම්..."

නොදැනුවත්වම බස් හෝල්ට් එක පහු කරන් ගියපු විනීත් ආපහු හැරිලා ආවෙ ඒක මතක් වෙල..
බස් එකක නැගල ගෙදර ආපු විනිත් මුලින්ම ගියේ නිදිගෙ ගෙදරට..එ තමන්ගෙ බඩු ටික ආය ගෙදරට අරන් යන්න හිතාගෙන..
නිදිගෙ කාමරේට ගිය විනීත් කාමරෙ පුරා ඇස් යැව්වෙ නිදි එක්ක ගෙවපු දවස් මතක් කරමින්..ඒ එක්කම ඇද උඩ තියෙන ඩයරිය අතට ගත්ත විනීත් පිටු පෙරලද්දි එදා රෑ නිදිගෙ නෝට් එක විනීත්ගෙ ඇස් ගැටුනා..අම්මා තාත්තා ගැන ..ටීනා ගැන..රතීෂ්ගැන.විනීත්...අභි .ගැන ලියල තියෙන දේවල් කියවපු විනීත් පොත පපුවට තුරුල් කරන් ඇඬුවෙ නිදිගැන අනුකම්පාවෙන් ...ඒ එක්කම අභි කියන්නෙ කවුද කියන එක ගැන විනීත් ගෙ හිතේ කොස්සක් ඉතුරු වෙද්දි විනීත් වහ වහාම නිදිගෙ පේරන්ට්ස්ලට කෝල් කරේ නිදි දැන් ඉන්න තත්වය ගැන ඉන්ෆෝම් කරන්න හිතාගෙන..

දවස් තුනකට පසු.......

පෝන් එක රින්ග් වෙන සද්දෙට ඇස් ඇරිය විනීත්ට ඇස් අදහාගත නොහැකි වුනේ දවස් ගානක් තිස්සෙ පුන පුනා බලන් හිටිය නිදිගෙ කෝල් එක එන නිසයි..ඇඳේ එරමිණිය ගොතා ගත්ත විනීත් අපහසුවෙන් කෙල ගිල්ලෙ හිතේ ඇතිවෙලා තියෙන නොසන්සුන්කම මගහැර ගන්න උත්සහයක යෙදෙන ගමනුයි..

you're mine ♥️ (Sinhala)(Completed)Where stories live. Discover now