හත්වන දිගහැරුම 📌️

224 8 0
                                    

බේත් වල සැරට නිදිගෙ කොන්ඩෙ ගිහින්...කන්නාඩිය ඉස්සරහට වෙලා  තමන්ගෙ කෙට්ටු  ඇටකටු බේරුන ඇඟ, ඔලුවෙ තියෙන කෙස්ගස් දෙක තුන දිහා  බලන් හිටිය නිදිගෙ ස්වරූපය එහෙන් පිටින්ම වෙනස් වෙලා නිසා....නිදි ඒ ගැන තව තවත් තැවුනා..
"දෛවය කොයිතරම් නපුරුද..මගෙ හීන හැමදෙයක්ම නැති කරල දැම්මා.. ඇයි මට මේම උනේ..."
නිදිගෙ වල ගැහුණු කම්මුල් දිගේ කඳුලු ගලාගෙන ගියා...
"මං පව් කරල තියෙන්න ඇති...මේ විදියට කාත් කවුරුවත් නැතිව  මේ වගේ ලෙඩක් එක්ක දුක් විදින්න..මං මොකක්ද  කරපු පව."
නිදි හැම වෙලාවකම හිතුවෙ ඒ ගැන..

නිදිට කෑම කන්න බැරි තත්වයක් ඇති වෙලා තිබුනා..දියර වර්ග විතරක් ගත්තත් නිදිට ඕන කරන ශක්තිය ඒකෙන් ලැබුන් නෑ.. නිදි තව තවත් කෘෂ වුනේ ඒ නිසයි...සාමාන්‍ය තත්වයක තිබුන නිදිගෙ මානසික මට්ටමද සෑහෙන පල්ලට වැටිලා තිබුනේ නිදිට ඕනම කරන වෙලාවෙ නිදි ලගින් හිටපු අය නිදිව මඟඇරපු නිසයි...ඩොක්ටර් විනීත්ගෙන් ඉල්ලීමක් කරේ නිදිව හොස්පිටල් ඇඩ්මිට් කරන්න කියලා..ඒත් විනීත්ට තවත් ඕන වුනේ නිදිව ගෙදර තියා ගන්න...රතීෂ්  ආය කවදාවත් නිදිව බලන්න නම් ආවෙ නෑ... මේ තත්වයෙන් රතීෂ් තමන්ව දකිනවට නිදි කැමති වුනෙත් නෑ.....හොඳ මානසික මට්ටමක හිටපු නිදි ටිකෙන් ටික  මුරණ්ඩු වුනා.නිදි චුට්ටක් හරි ඇහුන්කන් දුන්නෙ විනීත්ට විතරයි ..නිදිගෙ පේයින්ටින් වැඩ ඔක්කොම නැවතිලා..පින්සලක් පෑනක් අතින් අල්ලපු දවසක් නිදිට මතකවත් නෑ..නිදි හැම වෙලාවකම කරේ තනියම කාමරේට වෙලා අඬපු එක හරි විනීත් එක්ක ඔහේ කියවපු එක හරියි....තනිකමට නිදහසට ආස කරපු නිදි ඒකට  වෛර කරන්න පටන් අරන්..නිදි කොයි විදියට  මුරණ්ඩු උනත් විනීත් නිදිගෙ ට්‍රීට්මන්ට් තිතටම කරා..විනීත් නිදිව සතුටින් තියන්න පුලුවන් තරම් උත්සහ කරා..නිදි එක්කම විනීත්ගෙ ඇඟත් දුර්වල වෙලා තිබ්බෙ මේ හැමදේකටම විනිත් තනියම මුහුණ දෙන නිසයි....විනීත්ගෙ ජීවිතේත් නිදිටම වැය වෙද්දි විනීත්ගෙ දෛනික වැඩත් මඟහැරුණා...

    "මම කාලයක් උන්නෙ දැඩි මානසික පීඩනයකින්,භීතියකින්,විඩාවකින්,ආතතියකින් පිරිලා....

you're mine ♥️ (Sinhala)(Completed)Where stories live. Discover now