5.) කොටස 🦋

980 115 26
                                    

අපි කාල ඉවර වෙලා ටික වෙලාවක් නැගිටල එහෙමෙහෙ ඇවිද්දා . නැත්තන් ඉතින් කල වගේ පිරුනු බඩගෙඩි ටික ඉදගෙන ඉදලම තවත් තඩි උනොත් එහෙම ....

ස්නේහය නම් කෝල් එකකට හිර වෙලා හිටියා .... ඌ එක අතකින් ෆෝන් එක අල්ලන් අනිත් අතින් මේසෙ පහුරු ගගා හිටියා.... මට නම් ඉතින් කාගෙන් කියල කෝල් එකක් එන්නද . මට ආව කෝල් තුනයි තිබ්බේ. එකක් මගෙ අම්මගෙන් . අනික පාරිභෝගික සේව එකෙන් ... අවසානෙට වැරදි නම්බරේකින් ආව කෝල් එකෙක් ඇරෙන්න මට නම් වෙන කෝල් තිබ්බෙ නෑ. අනේ කාලෙ වනේ වාසෙ..........දුකක් නෑ...........

අග්‍රය නම් හොල්මනක් වගේ එලිය බලාගෙනම හිටිය. මන් හිතන්නේ මොකක් හරි ලොකු කල්පනාවක .

වැස්සක් නම් ලගම එනපාටයි. හුලගත් එන්න එන්නම් වැඩි වෙලා තිබ්බා. දැන් වෙලාව දෙකටත් කිට්ටු වෙන්න ආව.

කට්ටියම ........ අපිට අද වැඩේ මෙතනින් නවත්තන්න වෙයි වගේ.

ඒ මොකෝ අයියේ .......

පේනවනේ ලොකු වැස්සක් එන්න හදන්නේ. හුලගත් එන්න එන්නම තද වෙනව.... ටෙන්ට් එකක් ගලවන් ගියොත් අපිට කරගන්න දෙයක් නැති වෙනව. කට්ටියම එහෙනම් අද අපි කලින් ගෙවල් වලට යමු. එහෙට උදේට හම්බෙන්න ඕනෙ ලෝකේශන් එක මන් කියන්නම් . එහෙනම් කට්ටියම පරිස්සමින් ගෙවල් වලට යන්න.

ඒකත් හොදයි . අද ටිකක් කලින් නිදාගන්න පුලුවන් . හුරේ........මගෙ ප්‍රියාවියේ මා ඔබ සොයා එනවා.....................මන් එනකම් බලාගෙන ඉන්න සොදුර........

හිතින් මුමුනන ගමන් මන් මගෙ පෙම්වතීට පනිවිඩේ යැව්වා...
ඒ තමයි මට හිටිය එකම පෙම්වති.... මාව සැනසුව එකම කෙනා. වෙන කවුරුත් නෙවේ  අනේ මගෙ ඇද.......අනෙ අම්මේ මතක් වෙද්දිත් දැනෙන සනීපෙ.........

අපි එන්න ආව . මන් කාර් එකෙන් බැස්ස ගමන් ගෙදරට දිව්වා....

අම්මේ.........මන් ආවා..............

මයෙ පුතේ මොකෝ අද වෙලාසනින්ම.....

නෑ අම්මේ අද පරිසරේ එච්චරම හොද නෑ. පේනවනේ හුලගත් එක්ක. ඉතින් අපි අද කලින් වැඩ නවත්තල ආව.

අම්මේ ......... මන් යනවා ටිකක්
නිදාගන්න ඈ . තව පැය දෙකකින් වගේ කතා කරන්න හොදේ..........

අගි 🔥  ( 1 කොටස  ✔ )Where stories live. Discover now