කොහෙදෝ මන්ද ඉදල , කෑමත් ඉක්මනට කාපු ඇන්ටනා අයියා , අපිවත් එක්කන් ආපහු බීච් එක පැත්තට ගියා..
එයාගෙ පස්සෙන් ගියපු අපි තුන්දෙනාම දැක්කෙ, එක අයිනක දර ගොඩක් එකතු කරල වටේට පොඩි කොටන් ටිකක් තියල හදපු ගිනිමැලයක්....එතන ඒවටම කියල වෙන කරපු තැනක්ද කොහෙද....
එතකොට ඇන්ටනී අයියා, මෙච්චර වෙලා ඉදන් ඒක සූදානම් කරල තියෙන්නේ....පව් කියලත් හිතෙනවා....තනියමම සේරම කරල, අපිව සප්‍රයිස් කරන්න....අපි ගියාට පස්සෙ එයාම ගිනි මැලේ ඇවිලුවා.....ඇත්තටම ලස්සනයි....
රෑ හින්ද, මුහුදෙ සීතල හුලගයි, වෙරලට ගහන රැල්ලයි එක්ක, මේ අමුතු පරිසරේ ලස්සනයි එක්ක, ඇත්තටම ඒක හරිම අමුතු හැගීමක්...වචනෙන් කියන්න බැරි, අමුතු හැගීමක්.....
එහෙනම් කට්ටියම මොනා හරි කාලම පටන් ගමුද.....
ආයෙ කන්න.......
ඇයි බැරිද.....මේන්......
එහෙම කියන ගමන්, බජට් එකට ගෙනාපු චිකන්, සොසේජස්, ඉස්සෝ ......මේ වගේ ගොඩක් කෑම තිබ්බා....ඒව දකිද්දි නම් ඇත්තටම කටට ආපහු කෙල ඉනුවා....
මේ මේවත් තියේ.....
ඒ එක්කම බියර් , ඒවත් ගෙනල්ලා.....
රෙහාන් උඹ නම් මරු ඕයි.....මේ තවත් බල්න් ඉන්නෙ මොකෝ ඕන් ඔය කූරක් දීහන් මට, මන්ම පටන් ගන්න.....
එහෙම කියන බමන් ලී කූරකට අමුනලා
තිබ්බ සොසේජස් එක අරන් ස්නේහ වැඩේට බැස්ස.....චියර්ස්.....
චියර්ස්....
බියරුත් බෙදාගෙන අපි පොඩි කට ගැස්සමක් ඉස්සෙල්ල ගත්තා......ගිනිමැලයෙන් එන රස්නෙයි, හුලගයි , මේ වගේ වෙලාවක තියෙන කට ගැස්මයි......අම්මෝ....කියන්න වචන නෑ......
YOU ARE READING
අගි 🔥 ( 1 කොටස ✔ )
Fanfictionරහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව ...