මන් මේ උනුම උනු කඩල ගොට්ටක් අරන් එන්න ගියේ... අර පොඩි කරත්තවල තියෙන්නේ... කටට කෙලත් උනනවා...ඔයත් එක්ක දවසක නුවර එන්න ඕනේ... මේ වගේ ඉදගෙන උනු උනු කඩල ගොට්ටක් කන ගමන් ඈත දලදාව දිහා බලන් ඔන්න ඕනේ...එතකොට මට පාලුවක් දැනෙන එකක් නැති වෙයිනේ...
මන් මේ මොනාද ලියන්නේ, මටත් පිස්සුනේ ඔයා එක්ක නුවර එන්න තියා, අඩුම ඔයා එක්ක මට වචනයක්වත් කතා කරන්න පුලුවන් වෙයිද දන්නෑ...ඒ මොන දේ නැති උනත් මන් ඉන්නවා , මගෙ හුස්ම වැටෙනකල්ම ඔයා ලගින් මගෙ චූටි...
ඉතින් මන් මේ කියන්න හැදුවේ, එදා වෙච්ච දේ.. මතකනේ මන් කිව්වා මන් එදා සීයගේ ගෙදර ගිහින් ආවට පස්සේ, ආයෙ කීපසැරයක් ගියා කියල...
එතකොට ආච්චිට ටිකක් හොද වෙලා.. ඒ සීය මට එයාගෙම දරුවෙක්ට වගේ සැලකුවේ... එදත් මන් ගිහින් එයාගෙ සැපසනීප හොයල බලල එන්න ආවත්, මන් දැක්කා ඇස් අඩමානෙට කාමරේක තිබ්බ පෙට්ටියක් වගේ එකක්.... මට ඒක හොදටම හුරු ගතියක් දැනුනා... මන් ඒ කාමරේට ගිහින් ඒක ලගට ගියා... ලගටම යද්දි දැක්කේ ඒක පරනම පරන මලකඩ කාපු පෙට්ටගමක් කියල.. ඒ වගේම ඒක මන් කලින් කොහෙදිද දැක්කෙ කියලත් මට මතක උනා... ඒ වෙන මොකවත් නෙමේ, කාලගේ පුන්චි පෙට්ටගම...
උබ එදා ඇදුම් නම් විතරක් නෙමේ, තිබ්බ සකල මනාව සේරම ඕකට තමා පිරෙව්වේ...
ඒක මන් අතට අරන් හොදට බැලුවා.. මේ ඒකමද කියල බලාගන්න ඕනෙ නිසා..එතකොටයි දැක්කේ උබ එදා කොටල තිබ්බු දේ... මට ඒකෙන් තවත් තහවුරු උනා මේ ඒකමයි කියලා...මන් සීයට කෑ ගහල කතා කලා, උන්දැත් බය වෙලා ඉක්මනට ආවා... මන් ඇහුවා මේක එයාලට කොහෙන්ද කියල.. එතකොටයි සීය මට කතාව කිව්වේ..
එයාලගෙ අප්පොච්ච, හරි සීය හරි පහල හේන ගාව ඉඩමෙ වලදාල තිබිලා ඒක ගොඩ ගත්තෙ කියල... මන් ඇහුවා ඒක ඇරල බැලුවද කියල...එයා ඔව් කිව්වා, ඒත් වටින මොකුත් නෑ, චිත්‍ර දෙකක් තියනවා කිවා...
ඒ වෙලාවෙ ඉදන් ආයෙ මගෙ ඉස්සරහ ඒ අතීතේ මතක් උනා... ඇත්තටම මට දෙයක් මගෑරුනනේ කියල එතකොටයි මට මතක් උනේ චූටි.....
සමහරවිට එදා ඒ වෙච්ච දේවල් උබ තාම දන්නෑ චූටි... උබ මාව දාල යන්නම ගියාට පස්සෙ උන දේවල් උබ තාම දන්නෑ... ඒ අතීතේ මගෙ ඉස්සරහ ආයෙත් එක දිගට මතක් උනා... මට දැනුනු ඔලුව රිදිල්ල එක්ක කැරකිල්ලක් වගේ ආවත් මන් කොහොමහරි ඉවසල හිටියා...
YOU ARE READING
අගි 🔥 ( 1 කොටස ✔ )
Fanfictionරහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව ...