අහසෙ තරු එක්ක
පොලොවෙ මල් එක්ක
මන් යාලු උනා
මන් කතා කරා
ලස්සනම දේවල් ලග තියන්
දුර යන්න ඕනෙ නැති බව
මන් ඉගෙනගත්තාමේ හැමදේම
ඔව් උඹ වෙනුවෙන් ,
මට ජීවීතේ කියා දුන්
ආදරනීය මනුස්ස පරානෙට
මගෙ අයියන්ඩිට , මගෙ අගීට ...පලවෙනි පිටුවේ ලියල තිබ්බ ඒ වචන දකිද්දිම මගෙ ඇස් වලට කදුලු උනල ඉවරයි .. උබේ වචනයක් වචනයක් ගානෙම කොනක හරි මන් හිටියා...
මන් කියල දුන්නුව , මගෙන් අහපු කතා , ජීවීතේ ගැන , මල් , සතා , සිවුපාවෝ ගැන, ... මන් කියල දුන්නු එකක් නෑර මේ හැම දේ ගැනම එකින් එක පිටුව පෙරලද්දි උබ ලියල තියෙන වග මන් දැක්කා.. සමහර දාක රෑට මන් ගාවින් ඇවිත් හොරා වගේ මට තුරුල් වෙලා නිදියනවා.. සමහර දාට රැ එලි වෙනකම් කියවනවා...අකුරු ඉගෙන ගත්තෙත් මගෙන්මයි.. ටොකු කීයක් කන්න ඇත්ද මගෙන්..
අනේ මට ඒ හැම දේම ආයෙ මැවිල පෙනුනා.. මාත් එක්කම ටිකෙන් ටික උබ ලොකු උනා ... අනේ උබට තිබ්බෙ ලොකු දිගැටි ඇස්... ඒ ඇස් කරකව කරකව කටත් උල් කර කර කියවන හැටි මට මැවිලා පෙනුනා... මන් ඒ පොතේ මුල ඉදන් අගටම කියෙව්වා... ඒ වචනයක් ගානෙම මගෙ ඇස් වලින් කදුලු ඉවරයක් නැතුව ගැලුවා...අගී, මට ඊරිස්සියයි... උබ අර කුසුමෙ එක්ක කතා කරනවට මන් අකමැතී..
ඒකිටත් ඕන්නැති දෙයක් නෑ.. අගී ගාගත්තු ගමන්මයි... උබ මගෙ අගී , මගෙ අයියන්ඩි එච්චරයි ...උබේ ඊරීසියාකර වචනත් එහෙන් මෙහෙන් තිබුනම නෙමේ.. ඒව දකිද්දි අනේ මට අඩන්නද, හිනාවෙන්නද කියල හිතා ගන්න බැරුව ගියා...
අවසානම පිටුව මන් වෙව්ලව
වෙව්ලව කියවන්න ගත්තා... මාව ගැහෙනව ඉවරයක් නැතුව...
ඒ අකුරු පැහැදිලි නෑ, හදිස්සියේ ලියපුවා... ඒ එක්කම තව පොඩි කොලේකුත් තිබ්බා...මන් ඒක
දිගෑරියා, ලක්ෂ්මි අම්මා උබ වෙනුවෙන්
ලියපු ලියමන...
YOU ARE READING
අගි 🔥 ( 1 කොටස ✔ )
Fanfictionරහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව ...