තේව්.....මාත් එක්ක එනවදඔ......ඕව්........ඉතින්. මට වෙන මොකේ එන්නද. මොකෝ මට කියල පැජරෝ එකක් එනව වැයි මාව එක්කන් යන්න. එක්කො ඔය මොකේක හරි නැගල යනවා, නැත්තන් ඉතින් බස් එකේ යනවා. දුප්පත් අපිට වාහන් නෑනෙ ......අකමැති නම් කියන්න මන් බස් එකේම එන්නම්.....
පිස්සු කෝලම ..... නගිනවා වාහනේට....
එහෙම කියපු අග්‍ර මගෙ කොන්ඩෙත් අව්ල් කරලමට වාහනේට නගින්න කිව්වා. මන් කියෙව්වා වැඩිද මන්ද....හී......එක්කෝ කමක් නෑ. අද මට මොනා වෙලාද මන්ද අප්පා...එහෙන් මේ මනුස්සයගෙ මූන බලන්නත් මට ලැජ්ජයි වගෙ. ඇයි යකූ මන් උදේ ගිහින් බෙල්ලෙ එල්ලිච්ච විදිය. එයා පෝර්ට් එකේදි , අවුරුදු ගානක් රට ඉදල එන කොල්ලගේ ඇගේ දුවල ගිහින් එල්ලෙන කෙල්ල වගේ හෑයියා.....ලැජ්ජාවේ බෑ....
මොකො ඔය කන් රතු වෙල....
ම..ම...මගේ නිකන්...සීතලයි වගෙ.....
පිටිපස්ස ෂීට් එකේ උන්නු මන් ගොත ගහන්න ගත්තා. තේව්....මොකෝ බන්....සන්සුන් සන්සුන්.....
මේ මේ.....ඇන්ටනා අයියේ...ටිකක් ඉක්මනට යමුකෝ......
මගෙ එහා පැත්තේ උන්නෙ අග්‍ර. ඇයි ඉතින් එයාට ඩ්‍රයිවින් කරන්න බෑනෙ. බෑ නෙමේ....උදේ ඩ්‍රයිවින් කරන් ඇවිත් තිබ්බේ. ඒත් අපේ ආදරනීය ඇන්ටනා අයියා එයා ගැන හරියට හිතනවානෙ, ඉතින් ඇන්ටනාව එයාටයි, මටයි ඉදගන්න කියල යතුර එයා අතට ගත්තා. මන් හිතුවේ අග්‍ර ඉස්සරහින් ඉදගනී කියල, ඒත් එයා ඇවිත් පිටිපස්සෙන්ම ඉදගත්තනේ....එතකොට මේ මනුස්සය මගෙ කන දිහාද බලන් ඉදල තියෙන්නේ...රතු වෙලා කිව්වේ....
සීතල කොහෙද...රස්නෙයිනේ......
ආ....දැන් රස්නෙයි තම.ඉස්සල්ල එලියෙ ඉදන්නේ ආවෙ, ඒකයි...
ඒයි අග්‍ර අද අපි කෑම මොකුත් අරන් යමුද ඒයි....නැන්දට උයන්න මහන්සි කරන්න ඕනෙත් නෑනෙ...
ම්ම්...
හොටෙල් එකක් ගාවින් නවත්තපු ඇන්ටනාව කෑම හතරක්ම අරන් ඇවිත් තිබ්බා....මොනාඋනත් මේක හිත හොද එකා....කෑම දැක්ක හින්දා නෙමේ කිව්වෙ....හද පත්ලෙන්මයි කිව්වේ....ම්හුක්.....
YOU ARE READING
අගි 🔥 ( 1 කොටස ✔ )
Fanficරහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව ...