2018 / 01 / 02
මගෙ චුටි,
දන්නවද ඔයාට කියන්න දෙයක් තියේ... මතකනේ එදා මන් කිව්වා පාටියේදි මන් සින්දුවක් කිව්වා කියල.. දන්නවද ඒක වයිරල් ගිහින්නේ... ඒක දැකල අපේ බොස් කෙනෙක්ගේ යාලුවෙක් මට කතා කලා, එයාලගෙ පාටි එකකට සින්ග් කරන්න එන්න පුලුවන් ද කියල...
මාත් ඉතින් හා කියල ගියා.. බලද්දි ඒක vip පාටි එකක්... මේ වගේ එකකට මට මොකටද එන්න කිව්වෙ කියල හිතන ගමන් කෝම හරි මන් සෝන්ග්ස් දෙකක්ම සින්ග් කලා...
ඒකට ඇවිත් හිටියේ ගොඩක්ම සෝන්ග් රයිටර්ස්ල, සිගර්ස්ලා, ප්‍රඩියුසස්ලා වගේ අය... මෙච්චර ගායකයෝ ඉද්දි මාව ඇයි ගෙන්නුවෙ කියල හිත හිත ඉද්දි, අර කිව්ව සර් මට කතා කල.. එයා මාව මහත්තයෙක්ට අදුන්වල දුන්නා.. මේ තම අර කෙනා කියල.. බලද්දි ඒ සරුත් ප්‍රොඩියුසර් කෙනෙක් ... එයා මගෙන් විස්තර ඇහුවා... මාත් කිව්වා, මට රගපාන්න වගේම, සිංදු කියන්න ටිකක් පුලුවන් කියල... ඔය කවුරු ත් අපේ ජොබ් ගැන දන්නෑ... මාත් ජොබ් එකක් නැති එකා වගේ කතා කලා...
කෝම හරි ඒ කෙනා මගෙ නම්බර් එක ඉල්ලගත්තා...
ඔහොම ටික දවසක් යද්දි, මට එයාගෙන් කෝල් එකක් ආවානේ...
මට එයාගෙ වැඩකට හඩ කවන්න එන්න පුලුවන් ද කියල... මාත් හා කිවා.. මගෙ කටහඩ ලස්ස්නයිලු... ඒ හින්ද එයාල එක්ක දිගටම වැඩ කරන්න එන්න කැමතිද ඇහුවා...
YOU ARE READING
අගි 🔥 ( 1 කොටස ✔ )
Fanfictionරහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව ...