2021 / 09 / 02මගෙ චූටි කොහොමද ඉතින්,
අද මන් ඔයාව බලන්න ආවානෙ... තාම මේ කුරුණෑගල ඉන්නේ.. රෙහානයත් ඉන්නවා.. හෙටත් අපිට නිවාඩු හින්ද
අපි අද ඉදලම යනවා..ඒක නෙමේ, ඔයා නිතරම එහෙ මෙහෙ යන්නේ ඔයාලගෙ ගෙට එහා පැත්තෙ
කෙනා එක්ක නේද.. ආදි මට මතක විදියට නම.. ඔයා ඉස්කෝලෙ ඇරිලත් ගොඩක් දවසට එන්නෙ එයා එක්කනෙ..එයාව තාම මන් හරියට දැක්කෙ
නෑනෙ.. කවුරු උනත් මගෙ වස්තු පරිස්සමෙන් හොදද.. ලගම ඉන්න කෙනා තමා අපිට විශ්වාස කරන්නම බැරි... අම්මා එක්ක පරිස්සමට ඉන්න.. මන් ගිහින් ආයෙ ඉක්මනට එන්නම්..2021 / 10 / 05
මගෙ චූටි බෝලෙට සුභම සුභ උපන්දිනයක් වේවා ඔන්න...
දැන් ඔයා ලොකු ලමයෙක් නේ..
මන් හොයල බලපු විදියට ඔයා
ඉන්නේ 13 වසරේ.. ඒ කියන්නේ
අවුරුදු දහඅටක් නේ.. ලොකු ලමයෙක් නේන්නම්... විභහගෙත් ලගයිනේ...
මගෙ චූටි හොදට පාස් වෙයි.. කොච්චර ලොකු උනත් මගෙ ඇස් වලට ඔයා තාම මගෙ චූටි බෝලෙමයිනේ...කලින් වතාවෙ මගෙ වස්තුව ජීවත්
උනේ මේ වගේ කාලයක්නේ... ඒත් මෙ
ආත්මෙදි නම් ඔයා මටත් වඩ දීර්ෂායු
ලබන්න ඕනෙ... ඔයා සතුටින් ,පරිස්සමට ජීවත් වෙන්න ඕනෙ..2022 / 04 / 18
සුදූ, අද අපි අවුරුදු උත්සවේකට
ගියානෙ..දන්නවද අලියට ඇහැ තියන්න
මායි රෙහානයයි දෙන්නම ගියා හොදද,
ඉස්සෙල්ලා හිටියේ රෙහානයා,
මේක හිතල ගිහින් අලියගෙ
පස්සට ඇහැ තිබ්බනේ...
ඊලගට මන් , මන් ගිහින් අලියගෙ
කනට ඇහැ තිබ්බේ... ආ අයෙ කනා මුට්ටි ගහල නම් මන් එක උනා..විකට ඇදුම් තරගෙට රෙහානයා
හිටියා, හිටියේ හිගන්නෙක්ට..
මේක හිගන්නට රගපාලා, වටේ උන්ගෙන් රුපියල් පන්සීයක් මාටියා ගැහුවා.. මූ නම් අදහන්න වටින මිනිහා..තව ගොඩක් තරග නම් තිබ්බා, රෙහානයේ ඒව සේරටම වගේ
හිටියා, මාත් ඔය එකකට දෙකකට විතරයි හිටියේ.. මගෙ චූටිට අවුරුදු කොහොමද ?2022 / 06 / 21
අනේ රත්තරන් ,
ඔයාට සුභ පැතුම් මගෙ වස්තුව...
ඔයා විභාගේ පාස් වෙලා.. මන් අද
ඔයාලගෙ ඉස්කෝලෙ රිසාල්ට් බැලුවා...
මගෙ චූටි දක්ශයිනේ, මන් දන්නවා..
ඔයා al කරල තියෙන්නෙත් නාට්‍ය හා රංග කාලව නේ.. මන් වගේම ඔයත්
ඒවට දක්ශයි වගේ...
YOU ARE READING
අගි 🔥 ( 1 කොටස ✔ )
Fanfictionරහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව ...