තේව් නැගිටින්න ....
අග්‍ර උදේ වෙලාද....
ම්ම්...
තව ටිකක්....අනෙ.....
ඔයා එන්නැද්ද බීච් එකට යන්න...
මේ එනවා මේ එනවා....යමු.....
බීච් කිව්ව පමාව විතරයි මන් නැගිට්ටා, නැගිටල ශෝටකුත් දාන් ලෑස්ති උනා....
ආ මේක බීලා ඉන්න...
කිරි තේ.....
ම්ම්.....
අග්‍ර මටත් එක්ක කිරි තේ ගෙනත් තිබ්බ, ඒකත් බීල අපි හතර දෙනාම අදත් බීච් එකට ගියා...ඊයෙ වගේම අදත් පැය ගානක් යනකම් බෝල ගහල , එක එක විදියේ සෙල්ලම් කරපු අපිට ඊලගට හොදටම බඩගිනි හැදිල තිබ්බා....
අපි කන්න යමු නේ, අව්වත් සැරයිනේ...කාල බීල බෝට්ටු සවාරියක් යමු........
ඒක හොදයි ස්නේහ මල්ලියෙ.....
කෑම කිව්ව විතරයි ඉතින් ඇන්ටනාව නම් කෙලින්ම නැවතුනේ හොටෙල් එකට ගිහින්ම වෙද්දි, අපිත් එයා පස්සෙන්ම ගිහින් කෑම ඕඩර් කලා....
උදේටයි, දවල්ටයි දෙකටම හරියන්න කෑම කාපු අපි පොඩ්ඩක් නිදහසේ පූල් එක ලගට වෙලා ඉදන් හිටියා....ඊලගට අපි යන්න හැදුවේ බෝට්ටු සවාරියක්....ඉතින් කාපුවගේ මතේ යන්නත් එක්ක, පැයක් , හමාරක් හිටපු අපි ආපහු ගියේ බෝට්ටු ගාවට.....
කෝ අත...පරිස්සමෙන් ....
ඉස්සෙල්ලාම බෝට්ටුවා නැග්ග අග්‍ර මට අත දීල මාවත් නග්ග ගත්තා.....
අපිට තමා අත දෙන්න බල්ලෙක්වත් නැත්තේ.....ඇයි අනේ......තේව් මල්ලියේ....ඔය අත දීලා මාවත් ඇදල ගන්නකෝ අයියෝ.........
එන්න........
මන් අත දෙන්න හදදදි මට කලින් අග්‍රම ඇන්ටනාවත් ඇදල ගත්තා......
වාව්......ඒයිලා.......මෙතන ලස්සන .....
මේ මාලු ගොඩායි......මේ කොරල්......
ඇත්තටම හරිම ලස්සන පරිසරයක් තිබ්බේ.....මුහුද කියන්නෙ තනිකරම බාවනාවක් වගේ......මුහුදු පතුලක් කියන්නෙ වෙනම ලෝකයක්.....ඒක ඇත්තටම මාරයි......
කට්ටිය එක්කම මාලු, කොරල් බලපු මන් බෝට්ටුවේ එහා කෙලවරට ගිහින් තනියම මුහුද දිහා බලන් හිටියා.....සමහර සුද්දො, සුද්දියෝ , ලංකන් සුද්දො , සුද්දියෝ මේ සේරම වෙරලෙ අව්ව තපිනවා ...... ලමයි , පව්ල් පිටින් ආපු අය සෙල්ලම් කරනවා.....සමහර අය රැල්ල එක්කම පීනන් ආපහු එනවා යනවා.....ඒ අතර අපෙ වගේම තවත් බෝට්ටු කීපයක් එහා මෙහා යනවා........ඈතින් මාලු අල්ලන බෝට්ටුවක් දෙකක් නැතුවම නෙමේ......මන් මේ හැම දෙයක් දිහාම බලන් ඉද්දි ,බෝට්ටුවේ වැදෙන රැලි වල වතුරු බින්දු ඇවිත් මාව තෙමපු අවස්තත් නැතුවම නොවේ.....ඒත් ඒකත් හරි විනෝදයි.......ලුනු එක්ක මිශ්‍ර වෙච් හ මූහුදු හුලග , වැඩ ඇරිල ගෙදර යන්න හදන ඉර දෙයියන්ගේ බාල වෙච්ච අව් සැර ...... මේ සේරම හැගීම් විදින ගමන් මන් ඇස් පියාගත්තා....
YOU ARE READING
අගි 🔥 ( 1 කොටස ✔ )
Fanfictionරහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව ...