18.) කොටස 🦋

644 80 25
                                    

සුදූ බත් කන්න එන්න ලමයෝ....අග්‍ර පුතේ, රෙහාන් පුතේ.....එන්ඩලා....

තේව්ගේ අම්මේ.... තේව් මොකක් හරි අව්ලකින්ද...

අනේ මන්ද පුතේ....අද හවස ඉදන් ඔහොමමයි. ඇහුවට මොකුත් කියන්නෙත් නෑ. මට තේරෙන්නැ පුතේ.

නැන්දියෝ.....අනේ ඔයා දුක් වෙන්න එපා අප්පා.අපි ඉන්නවනේ....අපි බලන්නම්කෝ ...

අනේ පුතේ ටිකක් ගිහින් බලල හිත හදන්නකෝ.....මොකක්ද උනේ කියල අහන්නකෝ.........

මට ඇහුනා  , අම්මා අග්‍රටයි, ඇන්ටනාවටයි කියන ඒව. පව් අම්මා බය වෙලා. අම්මව මහන්සි කරවන්නත් හොද  නැති හින්ද එයාල මාව හොයන් එන්න කලින් මන් සාලෙට ආවා.

තේව්.....

අම්මේ බත් බෙදන්නකෝ. මගෙ ඔලුව රිදෙනවා. කල ගිහින් මන් නිදාගන්න ඕනෙ.

අග්‍ර මට කතා කරද්දිත් ඇහුන්නැති විදියට මන් හැසිරුනා. ඇත්තටම මට ඕනෙ උනේ ඒක අමතක කරන්න. අනේ මන්ද මට තේරුන්නෑ.....ඒ වචන තාම කන් දෙක අස්සේ දෝන්කාර දෙනව වගේ.....

සුදූ ඔය බත් එක අන අන ඉන්නැතුව කන්නකෝ ලමයො..

අම්මගෙ හිත රිද්දන්න බැරි කමට කටවල් තුනක් ,හතරක් කෑවත්, කිසිම පිරියක් නොදැනෙද්දි.....මන් කෑම එක වහල තියල එහෙමම ඇදට ආවා.
කලින්ම ඇදට ආවට මොකෝ මන් දන්නවා අද මට නින්ද යාන්නැ කියල.

මන් ආයෙ නැගිටලා මේසෙ උඩට ගියේ මගෙ මල් පොත අතට ගන්න ගමන්. මල් පොත කිව්වට ඒකෙ මල් ගැන විතරක් නෙමේ, කවිද ,සිංදුද, වදන්ද තියෙන්න ඕනෙ සේරම ජාති ලියල තිබ්බා.

මගෙ හිත නිදහස් කරගන්න මන් කරපු පලවෙනිම වැඩේ උනෙ හැමදාම ඕක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ හිත නිදහස් කරගන්න මන් කරපු පලවෙනිම වැඩේ උනෙ හැමදාම ඕක. එක්කො පොත අරන් ආයෙ මුලන් ඉදන් කියවනවා, නැත්තන් අලුත් මොකක් හරි ලියනවා....

අගි 🔥  ( 1 කොටස  ✔ )Where stories live. Discover now