19.) කොටස 🦋

614 78 14
                                    

දැන් රටවටා...

අතුරුදන් වූ දරුවා ඊයෙ දිනයේ සොයා ගැනේ. ඔහු නැවත හමු ඇත්තේ නිවස ඉදිරිපිටදීමයි. ඔහුට මෙතෙක් සිදු වූ කිසිවක් මතක නැති අතර , මාස කීපයකට පෙරත් මෙවැනිම දරුවෙක් අතුරුවන් උවත් ඔහුව මේ වෙන තෙක් සොයා ගෙන නොමැත. මේ එලෙස අතුරුදන් වූ තරුනයින් අතරින් දසවෙනියාය. මේ පසු පස ඉන්නේ කව්දැයි තාම සොයා ගෙන නොමැති අතර මේ පිලිබද පොලිස් පරීක්ශන දිගටම ක්‍රියාත්මක වේ.

ආදි අයියා රේඩියෝ එක ඔන් කල, ටික වෙලාවකට පස්සේ ප්‍රවෘත්ති යන්න පටන් ගත්තා. රටවටා පුවත් වලට ඉස්සෙල්ලාම ගියේ කාලයක් තිස්සේ තරුන ලමයි කීප දෙනෙක්ගෙ අතුරුදන් වීම ගැන . මාත් ඕක කලින් අහල තිබ්බ , ඒ අතුරුදන් වෙච්ච ලමයින්ගෙන් එක්කෙනෙක්වත් මෙ වෙනකම් හම්බුන්නැති උනත් අවසානෙදි එක ලමයෙක් ආපහු හම්බෙලා. මේ සේර්ම එකම පිරිසකගෙ වැඩ කියලයි කියන්නේ. කෝම හරි මේ කට්ටියව ඉක්මනට අල්ල ගත්ත නම් හොදයි. නැත්තන් තව කී දෙනෙක් නැති වෙයිද දන්නෑ.

අයියේ..........බ..ලා...ගෙන........

ආ.....දී........

අම්මෝ ඇති යන්තම් , මගෙ ඇගේ ලේ වතුර උනා මිස්ට ආදි...

සොරි ... මන් කල්පනාවක හිටියේ.

අපි යන පාරෙ ඉස්සරහින් අතුරු පාරට දාද්දිම වාහනයක් ප්‍රදාන පාරට දැම්මා. අපි හිතුවේ ආදි අයියා දකින්න ඇති කියල. අපේ කැ ගැහිල්ලට තමා එයාට මීටර් උනේ. වෙලාවට ඉක්මනට වාහන දෙකම බ්‍රේක් ගැහුවේ, තව දශමෙන් සේරම ඉවරයි . පලවෙනි වතාවට මටත් මරන බය දැනුනා . අම්මෝ.....තාම පපුව ගැහෙනවා.

අපි යද්දිත් වාහන ගොඩාක් ලොකේශන් එකට ඇවිත් තිබ්බා. මන් ඉස්සෙල්ලාම බැලුවේ අග්‍ර ඇවිත්ද කියල උනත් එයා පේන්න හිටියේ නෑ. අදි අයියා කෝල් එකක් හින්ද වාහනේ නවතිද්දි මන් ඇන්ටනා අයියා එක්ක ටෙන්ට් එක ඇතුලට ගියා, මීට කලින් නොදැකපු වාහන තුන හතරක් තිබ්බත් කවුරුත් පේන්න හිටියේ නෑ.


මන් පුටුවක ඉදගෙන ඉද්දි ඇන්ටනාව කෝල් එකක් හින්ද එලියට ගියා. අඒ මන්ද කියන්න තේරෙන්නැති පාලුවක් මගෙ හිතට දැනෙන්න්‍රෙ ඇයි කියල මට තේටෙන්නෑ. කොයි වෙලෙත් අග්‍රව මතක් වෙනවා. එයාට කරදරයක් නැතුව ඇති නේද. මට එයාගෙන් නන්බර් එකක්වත් ඉල්ලගන්න බැරි උනානේ.
මන් හිටියේ කල්පනාවක නිසා මන් එකපාර පියවි සිහියට ආවේ කවුරු හරි මගෙ උරහිසෙන් අත තියනවා දැනෙද්දි.

අගි 🔥  ( 1 කොටස  ✔ )Where stories live. Discover now