බලන විට ස්ටෝරිය අරයගේ
ලියා ඇත සතර පද පෙම් කවි
දී ඇත ප්‍රේමයට නව අරුත්
මම කිසි දිනෙක අසා නැතිඔව්වා මොනවාද මන්දා
ගැලුවාද ඔක්සිටොසින්
මදිවටද දුන් වදය
ඩෝපමේන් සහ සෙරටොනින්ඔය මොනවා කිව්වත්
හෝමෝනෙකට බැන බැන
දකින විට උස කොල්ලව
වෙයි මගේ හදත් ගිඩි ගිඩිනොලියුවාට සතර පද කවි
ලෝකයට පෙනෙන්නට
ගයයි මගේ හදත්
නොඇසෙන්න පෙම් කවිනොලැබෙනා බව සැක කළත්
කරයි තව තවත් පෙම් අපි
නොකියවන කළ උන් ඒ පද
මොකට ලියුවාද අපි කවි?2023. 10. 05
YOU ARE READING
ඇස්ටර් මල් පෙති | poems
Poetryසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට