මුහුණ බෙරි කරගෙන විලාප දී හඬනා ඒ අහස යට
නුගේගොඩ හන්දියේ කෑ ගසන යන්ත්‍ර මැද සිට
කහ සුදු තැඹිලි උණුහුම් වර්ණ මුහු වුණ පාර කොණ
සුවඳක් හමයි තෙත් වැහි කඳුළු පොළොව සිඹි විටසමුද්ර දේවි හන්දියෙන් පැමිණෙනා දහසක් වූ සිසු කැළ
නගරය පුරා පැතිර යයි විඩා පත් ඔවුනගේ සිනහා හඬ
'අල්ල ගනින් ඔය ආපු කොට්ටාව බස් එක' ඇහෙන කළ
ඇයි මමත් නොනගින්නේ දොරකොඩින් බහින්නටදරිද්රතාවයේ අගටම පැමිණි වයසක මහත්මයාට
කීයක් හරි අතට ගන්න දාපු මුරුක්කු කඩය ළඟ
ගුලි ගැසී අඳුරේ වීදුරු තුළ රඟන කැවිල්ලට රවාගෙන
විහිළුත් කරනවා අපි වියදම කාගෙද සොයන්නට'අද නම් ගන්නේ උඹ තමයි' පසුපස සිටි එකා කියයි
මගේ ඉදිරියෙ සිටිනා ඔබ ඔහු දෙස රවලා බලයි
නිල් පාට මුව වැස්ම නැළවී මදක් පහළ වැටෙයි
නළ දත් පොඩ්ඩක් පෙනී මගේ හදටම ඔච්චම් කරයිකහ පාට එළි මැද්දේ දිදුළනවා ඔය දෑස
සිග්නල් ඇඩ් එකකින් ආපු මුතු පාට දත් දෙපළ
නොබැලුවත් පෙර සේම ගිලගන්න මෙන් මා දෙසට
සුන්දරයි ඔබ තවම සේකරගේ ගීයක් ලෙසමනිල් පාට සුදු පාට රතු ඉරි වැටුණු කමිසය
බොත්තමක් හැලී ගිය විවර වුණු කොලරය
තෙත් කාපු නැටවිච්ච ක්‍රීම් පැහැ කුඩ කබල
වදන් දැන් මදි වගෙයි ඔබ ගැනම ලියන්නට'ඊළඟ හෝමගම එකේ අපි යනවා' කිව්වට
කවදද අපි නැග්ගේ මුල් පෙළේ බස් වලට
නුගේගොඩ හන්දියේ ගෑස් ස්ටේශම අසල
මං ආස ඔබ ගාව කාලය නැවතුන එකටවේගයෙන් වැටෙන වැහි බිංදු හරි සැරයි
අකුණු වන් වේගයෙන් වාහන හැම තැන දුවයි
ඔබ දෙස බලන කල සියල්ලම බොඳව යයි
වේගයෙන් ඇදී යන ලෝකයම නතර වෙයිකාලය සාපේක්ෂයි වෙන අයට වෙන වෙනයි
කෙමෙස්ට්‍රි සර් කියපු කතාව දැනට නම් හරි වගෙයි
අතේ බැඳි ඔරලෝසු මොනවටද විහිළුත් කරයි
තව තවත් ඔබ ගාව ගැවසෙන්න මට හිතයිඔබ නොඑන ගණිත පන්තිය දශකයක් සේ දැනෙන කළ
ඔබත් එන පන්ති දෙක තප්පරයකින් ඉවර වෙන විට
බස් එකේ ඔබ ගාව අඩ හෝරාව ඉගිල යනකොට
කාලයට දෙන අරුත් මම කොහොම හොයන්නද2023. 10. 26
YOU ARE READING
ඇස්ටර් මල් පෙති | poems
Poetryසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට