මායාවක් වුණා නම් ඔබ කියන ලෙස හැම
හැකි විටෙක මවාගන්න රස විඳින්න
හැකි විටක පුළුවන් කරන්නට අමතක
කිසි විටක අතින් ඇල්ලිය නොහැකි වුණඔබ මායාවක් වුණේ කොහොමද
හැපූ පහරවල් තවමත් ඇති විට
හූරා දැමූ සලකුණු තවමත් ඇති විට
ස්පර්ශයේ රස තවම දැනෙන කොටකියනවා නම් ඔබ මායාවක්මයි කියා
පිළිගන්නම් මම එය හිස එක්වර සළා
පැමිණෙනවද දිනෙක ඔබ නැවත මා කරා
තහවුරු කරනට ඔබේ පෙම මායා නොවන බව කියා_____
2023. 12. 20
KAMU SEDANG MEMBACA
ඇස්ටර් මල් පෙති | poems
Puisiසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට