ළඟ ඉන්නකොට සුවඳයි ඔබ
ස්ට්‍රෝබෙරි ගෙඩියක් වාගේ
දත පොඩ්ඩක් ගහලා
රස බලන්නට හිතෙන
තවත් ළං වුණොතින් පෙරළා
සිප ගන්නට තරම් සුවඳමහන්සි වුණ දවසට ඇවිදලම
දාඩිය සුවඳ එක්කලා එක්වී
ස්ට්‍රෝබෙරි සුවඳ තවත් ප්‍රබලයි
පපුතුරේ හිස සඟවන්න තරමට හිතෙන
ඔළුව ගහගන්න තිබුණා නම් ඔය අත් අතරේ
තව කල්පයක් කියලා කල්පනා කරවන
______
2023. 10. 16
YOU ARE READING
ඇස්ටර් මල් පෙති | poems
Poetryසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට