වදන් නොකියන බැලුම් ඔරවන
අතින් පෙන්වන වදන් රළුවන
සිනහා වියැකෙන වෛර මතුවන
ගිනි පුපුරු යට ආලේ නොනසිනකොණක ඔබ සිනහා වල කල
දුර ඈත සිට පෙමින් නරඹන
ඔබ රවන කල බලන ඉවතට
අහෝ ප්‍රේමය නොයා වියැකෙනඑළිවැටකි මියැදෙන
හැඟුම් හැරෙනා වදනට
විරහවත් පෙමක් විය
කවියෙකුට දැනුණු කලඅනේ උස වයලීන ගායක
දෙයියන්ගේ නාමෙට
දැන්වත් පලයන් නොපෙනී
මගේ හිතෙන් අහකටඋඹට පෙම් කරලම
හති වැටී ඇත මට
දුඹුරු ඇස් දෙස බලා
කෙසේ නම් වෛර කරනුද?
- 2024. 02. 04 -
YOU ARE READING
ඇස්ටර් මල් පෙති | poems
Poetryසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට