මතකද ඒ දවස්වල අපි පාරේ හිනා වුණ හැටි
ඔබේ කර මත පැන පාරේ කෑ කෝ දෙමින්
මතකද එනකොට කතා වුණ හැටි ගොඩක් දේවල්
බස් ඒකේ රතු නිල් ලයිට් නිවි නිවි දැල්වෙද්දිඅද මම පාරේ එනකොට අඳුරේ තනියම
මම ඔබ එක්ක එදා හිටගෙන හිටපු තැනම
ඉන්නවා වෙනත් කෙල්ලෙක් ඔබ එක්ක
මගේ නමේ අකුරෙන්ම නම පටන් ගන්නහිනාවෙනවා ඔබ ඇය එක්ක මාත් එක්ක හිටි විදියටම
නගනින්ට දෙනවද ඇයටත් ඔබ ඔබේ ඔය කර මතට
කියනවද අපි කතා වුණ රහස් දේවල් හැම දේ ඇයට
සිපගන්නවද ඇයවත් කිසිවෙකුත් නැති විටෙක?මට විහිළු කර විදිහයට ඇයටත් ඒ විහිළු කරනවද
බස් එකේ එළි යට ඇගේ අතත් අල්ල ගන්නවද
කමිසයේ කොණ ඇයටත් ආධාරෙට දෙනවද
වැටෙන්නට යන වියදි ඇගේ ඉණත් අල්ලනවද?මම පාරේ යනකොට මං දිහා තාම බලනවද
ඇය මගේ වී හිටියා යැයි අලුත් ඇයට කියනවද
හැර ගියේ ඇයි කියලා හේතුවක් ලියා එවනවද
රිද්දගත්ත දවසට මම ආයෙත් ඇවිත් වැළඳ ගන්නවද?
• බිඳුණු පෙම්වතියකගෙන් කවියක් -
2024. 12. 13
BẠN ĐANG ĐỌC
ඇස්ටර් මල් පෙති | poems
Thơ caසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට