සුදු පාට දොරවල් වැහිලා යන දවසක
එනවාද නුඹ මා සමග ඇවිද යන්නට
හැමදාම හැම තැනම එකට කියුවට
මරණය ආපු තැන මම අද තනියමලබ් ඩබ් හඬ ඇසෙයි මට නැගී එන බැසී යන
ටික් ටොක් ඔරලෝසුව මරණය කැඳවා එන
සියස් වසකට ආයු බෝ වේවා කියූ මවගේ හඬ
පරයා නැගේවි දැන් හෘද මැෂිමක මූසල බීප් නදතවත් පැය කිහිපයයි දොස්තරගේ හඬ බොඳව යන
පිරිත් නද ඇසෙයි මට දෙකන් පුරවා බිත්ති තුළ
කිව්වට වටිනවා කියා මගේ මේ බොළඳ පණ ලොවට
මමත් එක් අයෙක් වෙමි පිළිකාවකින් මිය ඇදෙන
2023. 10. 30
YOU ARE READING
ඇස්ටර් මල් පෙති | poems
Poetryසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට