< 1 >

810 32 37
                                    

ජීවිතේ කියන්නේ මහ අමුතු දෙයක්....ප්ලේන් එකේ වීදුරුවට ඔලුව තියන් මන් කල්පනා කරේ මගේ විකාර ජීවිතේ ගැන...

අහ්ම්ම්....මන් ගැන අදුන්වලා දෙන්නත් බැරි උනානේ...මම ඇශ්‍රේ නිකොටෙලා.. ඇඹරැල්ලයි ගොටුකොලයි වගේ ලස්සන නමක් මට අම්මලා දාල තියන හින්දා මම දහ අටක් උන ගමන්ම නම වෙනස් කර ගත්තා අයිශූ කියල...
මට දැන් වයස විසි දෙකයි
මගෙ උස සෙන්ටිමීටර් 156 යි
එතකොට මගෙ බර කිලොග්‍රෑම් 48.6
මගෙ අම්මා රෝස්...රෝස් පාන්වත් ටයිටැනික් රෝස් වත් නෙමෙ මගෙ ජීවිතේ රෝස් කරපු රෝස් තමා මගේ අම්මා
මගෙ ඔරිජිනල් තාත්තයි අයියයි කොහෙද කියන්න මම දන්නෑ...අම්මා කියන්නෙත් නෑ,මන් හිතන්නේ එයත් දන්නෑ

මට ඩුබ්ලිකේට් තාත්තලා ගොඩයි...එහා ගෙදර අන්කලුත් ඇතුලුව නිල නොලත් අම්මගේ හස්බන්ඩ්ලා ගාන නම් මම දන්නෑ...අම්මගේ අක්කගේ පුතා පොඩි කාලේ ඉදන් හැදුනෙ මා එක්ක...අම්ම් ඇත්තටම අපි දෙන්නා අතර හොද සහෝදරකමක් තිබ්බෙ නෑ...මන් පාට් ටයිම් ජොබ් එකක් කරලා ගන්න සල්ලි මාව බය කරලා ගන්න එක තමයි මගේ ඥාති සහෝදරයා විකීගේ විනෝදාංශය...

අම්මගේ සත පහකින් මන් නඩත්තු උනේ නෑ කියලා මට කියන්න පුලුවන්....මොකද ලොකු අම්මා ඉද්දි මාව බැලුවේ එයා...එයා නැති වෙද්දි මට දා හතයි එදා ඉදන් මන් හොයාගත්තොත් මන් කනවා සීන් එකේ හිටියේ...

මීට සතියකට කලින් අම්මගේ වෙඩින් එක (හතර හෝ පහ) තිබ්බ වෙලාවේ තාත්තගේ යාලුවෙක් ආවා....ඉන්වයිට් කරල නෙමේ අහම්බෙන් ආවේ....එයා අම්මයි මායි ඉන්න තැන ගොඩක් දේවල් ඇහුවා...

Flashback..............

"රෝස් මේ තමුන්ගේ කී වෙනි කසාදෙද??"

"මේ මගේ කී වෙනි කසාදෙ උනත් ඒකෙන් තමුන්ට වැඩක් නැ මිස්ටර් ජෝන්ස්"

" මට වැඩක් නැතත් ඔයාට දුවෙක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා...අර මනුස්සයා කෙල්ලව තමුසෙ ගාව තියලා ගියෙ විශ්වාසෙකින්..."

"හහ්...මන් එයාව හොදට බලාගන්නවා...එහෙම නේද ඈශ්ලීන්..."

අම්මා මන් දිහා බලද්දි මට ඕන උනා ඇත්ත කියන්න...මොකෝ මෙයා මාව මරන්නද කිව්වා කියලා

New Family ✔️Where stories live. Discover now