<20>

410 30 12
                                    

🦋 අම්ම්ම්....මේහ් රොකී අයියා කෝ

💙 එයාව මොකටද

🦋 ඊයෙ ඉදන් දැක්කෙ නෑ.....ෆෝන් එකත් ඕෆ් ඒකයි

💙 හ්ම්ම්ම්

🦋 කොහෙද කියන්නකෝ

💙 එයා ඩයෝරින් වලට ගිහින්

🦋 ඒ මොකටද

💙 ඔයා ඇහුවා එයා කොහෙද ගියේ කියලා....මන් කිව්වා එතනින් එහාට මම මුකුත් දන්නෑ

ඩිලන් ආය පොතේ මූන ඔබා ගත්තා.....ඩයෝරින් වල තමා අම්මා ඉන්නේ....ඇයි රොකී අයියා ඩයෝරින් වලට යන්නේ.....බැරි වෙලාවත් එයා අම්මාව හොයාගන්න ගියාද..... ආශ් එයාට මොකටද මගේ අම්මාව

💜 ශෙනුවෝඕඕඕඕ

🦋 ඕ.....කියන්න

💜 මා එක්ක ගමනක් යන්න එනවකූ

🦋 කොහෙද

💜 තව ටික දවසකින් අලුත් අවුරුද්දක් ලබනවනේ......ඉතින් මට පොඩි බඩු වගයක් ගන්න ඕනේ එනවද

🦋 යමු

💜 ලගට යන්නේ ඒ හින්දා පයින් යමු

ශෝන් මගේ අතින් අල්ලගෙන හිමීට ඇවිදන් ගියා.....මන් මේ පවුලට ඇවිත් දැන් අවුරුද්දකටත් ලගයි....කාලේ යන්නේ මාර ඉක්මනට....

💜 මේහ් ශෙනූ

🦋 ආම්

💜 කෙලින්ම බලන්න එපා.....පොඩ්ඩක් හිමීට හැරිලා බලන්න..... අර ලයිට් කනුව ගාව ඉන්න බෝයි ඔයා දිහා ගොඩ වෙලාවක් බලන් හිටියා.....එයා හෙන වෙලාවක ඉදන් ඔයාව ෆලෝ කරනවා

🦋 කොහෙද

💜 හිමීට බලන්න

මම කොන්ඩේ හදාගන්නවා වගේ හිමීට පිටිපස්ස හැරිලා බැලුවා.....
දෙයියනේ විකී!!!!!!!!
එයා කොහෙද මෙහේ.....

💜 අදුරන කෙනෙක්ද

🦋 න්....නෑ නෑ

💜 ආ එහෙනම් කෙල්ලව ටෝක් කරන්න එන්න ඇති මා එක්ක කොහෙද ඒවා

ශෝන් මගේ කරට අත දාගත්තා...  ඒත් මම නම් හිටියේ මේ ලෝකේ නෙමේ.....විකී ආපු එක හොද දෙයක් වෙන්න බෑ.....මම දැනට දන්න අම්මාගෙ පැත්තෙන් මට ඉන්න එකම සහෝදරයා තමයි විකී.....එයා අම්මාටත් වඩා මට වද දුන්නා ඒ කාලේ....මම රස්සාවක් කරලා ගන්න සල්ලි එයා මට ගහලා උදුරගන්න නිසා මන් බඩගින්නෙ ඉදලා වතුර විතරක් බීලා හිටිය දවසුත් ඕන තරම් තිබ්බා
අලු යට තියන ගිනි පුපුරු වගේ මගේ අදුරු අතීතේ දරුනු චරිතයක් ආය දැක්කම මට මොනා කරන්නද හිතා ගන්න බැරි උනා.....එයා මාව අදුරගන්න ඇති අනිවාර්යෙන්ම......











New Family ✔️Where stories live. Discover now