<16>

241 21 21
                                    

මම පොඩි එකා දිහා කට ඇරන් බලන් ඉද්දි ඩිලන් එයාගෙ එක අතක් මගේ ඉන වටෙන් දාලා මාව ලගට ඇදලා ගත්තා

🦋 ඕයි....මේ පොඩි එකෙක් බලන් ඉන්නවා

💙 සද්ද නොකර නිදාගන්න ට්විටී

ආය ටුයිටුයෙක්....
මම ආය පොඩි එකා දිහා බැලුවා ඒකා ඇපල් ගෙඩිය කකා නොමිලේ ෆිල්ම් බලනවා වගේ අපි දිහා බලන් ඉන්නවා

🦋 ඒයි පොඩි එකෝ

මම කෑ ගහද්දි එක පාරක් ගැස්සිලා මේකා දුවන්න ගත්තා....ඇදෙන් නැගිටින්නත් බෑ අඩුවකට අහු වෙලා වගේ ඩිලන් මාව බදාගෙන....

🦋 ඩිලන්... නැගිටිනවකෝ....

💙 නිදාගන්න හලෝ

🦋 කවුරු හරි දැක්කොත්

💙 කමන්නෑ

හොද හයේ හතරෙ පොල්ලක් නැද්ද මට ගහගන්න....සෙද්ද
ඩිලන්ගෙන් ගැලවෙන්න මන් ට්‍රයි කරද්දි මොනා හරි පෙරලෙන
සද්දයක් එක්ක තුන් දෙනෙක් ඩිලන්ගේ කාමරේට කඩා පැන්නා
මගේ දෛවේ ලියන එකා බීලා ඉන්නේ

ලොකූයි ශෝනුයි දෙන්නා අර පොඩි එකාගේ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලගෙන කාමරේට ආවා....කොල්ලෙක්ගේ උනත් කාමරේකට හමුදාවෙන් පනිනවා වගේ පනින එක හරිද???
පෞද්ගලිකත්වයක් නැද්ද??

මනෝ පාරක් ගහන් හිටිය මම මේ ලෝකෙට ආවේ අපි හිටිය විදිහ දැකලා ලොකූ ශෝන් දෙන්නා  දඩෝං ගාලා අර පොඩි එකාව බිම අත ඇරිය සද්දෙට....මේ තරම් වෙලා නිදාගෙන හිටිය ඩිලන් ඇහැරුනාද.. .නෑ ප්‍රෙන්ස් ඒකා  "ඔය සද්ද වලට් මම බය නෑ " කියලා ආය නිදාගත්තා

හයියෝ.....මම අර යක්ස පැටව් දෙක හමාර (පොඩි එකා) ට පැහැදිලි කරන්නෙ කොහොමද ඊයේ රෑ මේ වලස් තඩියට උණ හැදුන නිසයි මම කාමරේ හිටියේ මේකා ශර්ට් එක ගලවන් ඉන්න එකට මගේ කිසිම සම්බන්දයක් නෑ කියලා

❤️ දෙයියනේඒඒ... ඩිලන්න්න්

ලොකූගේ ශබ්ද පූජාවට නම් ඩිලන්ව යාන්තම් නැගිට්ට ගන්න පුලුවන් උනා

💙 හුවෑව්ව්....ගුඩ් මෝනින් ලොකූ

ඩිලන් මා දිහාත් බලලා කිසි ගානක් නැතුව ලොකූට ගුඩ්මොනිම් කියලා තඩී ඈනුමක් ඇරියා.....හම්මෝව්.....එතකොටයි මම හරියටම මට එහා පැත්තෙ හිටිය කොල්ලාගේ ඇග දැක්කේ....හොද වෙලාවට කලින් නොදැක්කේ.....දැක්කා නම් මට හාට් ඇටෑක් හැදිල මැරෙනවා

New Family ✔️Where stories live. Discover now