<18>

243 22 17
                                    

ඒ සද්දෙට මම ගැස්සිලා වගේ ඩිලන් ගාවින් ඈත් වෙලා සද්දෙ ඇහුන දිහා බැලුවා .....
නෝරායි ශෝන්ගේ ඇගේ හැප්පිලා එයා අතේ තිබ්බ වීදුරුව බිදිලා

🦋 නොරා මෙහේ??

💙 නෝරාගෙ අම්මා අපේ නැන්දාගේ හොද යාලුවෙක්....

🦋 මන් එයා එක්ක කතා කරලා එන්නම්...

💙 හ්ම්ම්ම්

ඩිලන් සාක්කුවේ අත් දෙකත් ඔබන් ලොකූලා ඉන්න පැත්තට ගියා

🦋 නෝරා....ශෝන් මොකද උනේ

💜 උන දේ මගේ මොලේට තාම ලෝඩ් වෙන ගමන්....

🌺 අරයා මාව තල්ලු කරා

නෝරා අපි දිහා කන්න වගේ බලන් හිටිය ෆිලිෆාව පෙන්නද්දි මම එයාට හොද රැවුල්ලක් දුන්නා.....ෆිලිෆා මෙතනත් ඉන්නවා...එයා ඉන්න ඉන්න තැන මොකක් හරි මරාලයක්මයි තියෙන්නේ

🦋 ඔයාට අවුලක් නෑනේ

🌺 නෑ නෑ.....සොරි ශොන් මන් හින්දා ඔයාගෙ ඇදුමට බීමත් හැලුනා

💜 ඒවා එහෙම තමා නෝරා .....ගනන් ගන්න එපා

ශෝන් එයාගේ ලස්සන හිනාව දාන් කිව්වා.....එයාට මොන විදිහට මොන දේ උනත් එයා හිනා වෙලා අවුලක් නෑ වගේ ඉන්නවා.....මොන තරම් දෙයක් උනත් එයාගේ රියැක්ට් එක තමා ඒක.....ෆිලිෆාගෙ අම්මා කිව්වා වගේ මිසිස් ජෝන්ස් එයාගෙ ලමයින්ව හරියටම හදලා තියනවා....

👩 මොකක්ද උනේ

💜 පොඩි අනතුරක් අම්මේ....කෝ තාත්තා

👩 එයා යාලුවෝ කට්ටියක් එක්ක කතා කරන්න ගියා ...  රොකීව දැක්කද

🦋 මට ඩිලන් ගාව ඉන්න කියලා එයා කොහෙද ගියානේ

👩 අහ් හරි....මම බලන්නම්.....ඔයාලා එන්ජෝයි කරන්නකෝ

අනික් පොයින්‍ට් එක... ගෙදරදි වගේ නම් අම්මා මොකද උනේ කිව්වොත් ශෝන් "අනේව් මමියෝ ඔයාගේ මේ නසරානි ලොකු පුතා ඔයාගේ අහින්සක චූටි පුතාට හැට්ට කට්ටකින් පස්ස පැත්තට ඇන්නා" ගාගෙන බොරුවට අඩනවා.....ඒත් මෙතනදි එයාලා වයසට ගැලපෙන විදිහට ඩීසන් පිට ඉන්නවා

තැනට ඕන විදිහට ඉන්න කොල්ලෙක් / කෙල්ලෙක් උනාම දැනගන්න ඕන කියන එක මට හොදටම කියලා දුන්නේ එයාලා....මුල් මාසේ ගෙදරදි එයාලා තුන් දෙනායි රොකී අයියායි බිම පෙරලිලා ගහගත්තා....අම්මාගෙ හැන්දෙන් ගුටි කකා දිව්වා......කෑම වලට මරාගත්තා. ....ඒත් කොලේජ් එකේදි.....එයාලා එයාලගේ ගෞරවය රැක ගත්තා....ගෙදර වගේ ගොන් ජෝක් දාන්න ගියෙ නෑ

New Family ✔️Where stories live. Discover now