<15>

242 21 10
                                    

රොකී අයියා ඩිලන්ව කාමරේට දාන්නත් උදව් උනා....මේ ඔක්කෝම වෙනකල් ගෙදර හැමෝම මහන්සියට නිදි

💚 ඔයාට මොකක් හරි උදව්වක් ඕනෙද

🦋 නෑ...ම්ම්ම් මට දැන් මෙයාව බලාගන්න පුලුවන්

💚 රයිට්.. එහෙනම් මම දොරත් වහන් යන්නම්

🦋 බායි ....තැම්ස් හොදේ

💚 ඕක මොකක්ද

රොකී අයියා පුරුදු විදිහටම මගේ ඔලුව අතගාලා එතනින් යද්දි මම බැලුවේ ඇදේ ගුලි වෙලා ඉන්න ඩිලන් දිහා




Dylan pov 💙
(ඔන්න පලවෙනි වතාවට ඩිලන්ගේ පැත්තෙන් කතාව දෙනවා)

ඇශ්‍රේ අයිශූ ශේන්‍යා එහෙමත් නැත්තම් පෙගී....එයාව දැක්ක මුල්ම දවසේ නම් එයා මට පෙනුනේ කොට ඉක්මන්ට තරහ යන අමුතු ජීවියෙක් වගේ....කොහොමත් කෙල්ලො කියන්න පිටසක්වල ජීවීන් කියලා තමා මන් ඉස්සර ඉදන්ම හිතන් ඉන්නේ....අම්ම් ඉතින් මම කෙල්ලොන්ට බයයි...අවාසනාවන්ත ඇත්ත කතාව තමා ඒක

ශෙනූ ගැන මට මුලින්ම ෆීලීන්ග් එකක් දැනුනේ එදා එයා මට කනේ පාරක් ගැහුව දා.....මන් ඉස්සරහ හිටිය ශෝන් දුවද්දි රතු වෙලා පිම්බුන මූනත් එක්ක එයා හරිම වෙනස් විදිහට මම දැක්කේ....

ලොකූගේ රූම් එකට යන එක නවත්තලා මට බාම් එක ගාගන්න ඕන කියලා එයාව මගේ රූම් එකට ගෙන්නගෙන මට ඕන උනේ එයා එක්ක ටිකක් තනියෙන් ඉන්න.....ඒ කලු පාට ගැබුරු ඇස් දිහා බලන් ඉන්න...
මගේ ආත්මගත සහෝදර ජෝඩුව හින්දා ඒ වැඩේ සාර්තක ලෙස අසාර්ථක උනා

ශෝන් ලොකූ එක්ක වගේ සමහර විට ඊටත් වඩා රොකී එක්ක එයා හුරතල් වෙද්දි මට ඊරිසියා හිතුනා....මාව දකිද්දි තමා අහක බලන් යන්නෙ...

ඇත්තටම එයා රෝස කම්මුල් තියන ඇපල් ගෙඩියක් වගේ....

අම්මලට ගිෆ්ට් එක ගන්න ගිය වෙලාවේ එයා ඇඩුවා ......කොච්චර ඇහුවත් කිව්වෙ නෑ.....කවුරුත් නැති වෙලාවේ රෑ හේතුව අහන්න යද්දි මන් දැක්ක දේ.....

කූඩාරම් රෙද්දෙ හෙවනැලි වලින් පෙනුනේ රොකී ශෙනූට තුරුල් වෙලා ඉන්න විදිහ......රොකී ශෙනූගේ ඔලුව අතගාද්දි ශෙනූ රොකීගේ කමිසෙන් තදින් අල්ලන් හිටියා.....හෙවනැල්ලකින් ඒ තරම් දෙයක් මන් දැක්කද නැත්තම් ඒවා මගේ හිතේ මැවුන දේවල්ද කියලා මට ඒ වෙලාවේ ශුවර් එකක් තිබ්බෙ නැ...

New Family ✔️Where stories live. Discover now