<3>

363 24 36
                                    

1 week.......



🦋 ඒයි ඕක දෙනවකෝ....අපෝ

💜 මාත් එක්ක එලියට යන්න එනවා කිව්වොත් දෙන්නම්

🦋 අනේ ශෝන් ඕක දෙන්නකෝ

💜 පොරොන්දු වෙනවද

🦋 අයියේ......

❤️ ඔයා ආපු දා ඉදන් කොහෙවත් ගියෙ නෑනේ පෙගී....ඉතින් පොඩ්ඩක් එලියට ගිහින් එන්න

🦋 හ්ම්ම්...හරි එහෙනම් යන්කෝ

💜 හොද ට්විනා

සෝන් එයා අතේ තිබ්බ අයිස්ක්‍රීම් එක මට දීලා මට එහා පැත්තෙන් වාඩි උනා....දැන් නම් මට මෙහෙ කිසි ආගන්තුක හැගීමක් දැනෙන්නෑ....මගේ ගෙදර මගේ සහෝදරයෝ වගේ තමයි මිස්‍ටර් ඇන්ඩ් මිසිස් ජෝන්ස් දැන් මට මගේ අම්මයි තාත්තයි වගේ.... බෙයා වුල්ෆි කිටී වගේ මට කියන්නේ පෙගී කියලා... ශෝන් නම් කිව්වේ මන් කොට හින්දලු එහෙම කියන්නෙ ඒත් ලොකු අයියා කිව්වා මන්
පෙන්ගුවින් කෙනෙක් වගේ කියුට් හින්දලු එහෙම කියන්නේ නෝ කතා නෝ සිනා අයියා නම් කියන්නෙ ලොකු අයියා එහෙම කියන්න ඇත්තෙ මගෙ හිත රිදෙන හින්දලු....
ඩිලන් / නෝ කතා නෝ සිනා දැන් නම් මා එක්ක වෙනදට වඩා ටිකක් කතා කරනවා...එයා හැමවෙලේම ඉන්නෙ ලයිබ්‍රියෙ ඒකයි ගෙදර නැත්තේ...

💜 පෙගී... ඔයා අද එන්නෙ නැද්ද?

🦋 විනාඩි පහක් දෙන්න මන් එනෝ

💜 පහේ ඒවා කීයක් දුන්නද ඕයි

🦋 යැයි යැයි තමා

ඩෙනිමයි සර්ට් එකයි ගහන් මන් පහලට එද්දි ශෝන් බයික් එකේ යතුර කරකෝ කරකෝ බලන් ඉන්නවා....

🦋 බයික් එකේද යන්නේ

💜 මොංගල්ද ඩාලින්....පයින් යන් ඔයාට වටපිටාවේ ඉන්න අය අදුන්වලා දෙන්නත් තියනවා...

🦋 හාම් හාම්

❤️ පරිස්සමට ගිහින් එන්න දෙන්නම.....

💜 මාව බලාගන්න හොදේ

❤️ එයාට මොනාහරි උනොත් මන් ඔයාව බලාගන්නම් ශෝන් ...

අයියා ශෝන්ට ටොක්කක් ඇනලා කියද්දි ශෝන් මගෙ අතිනුත් ඇදන් අයියට ඇහැකුත් ගහලා දිව්වා.... තව ටිකෙන් මගේ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනවා....

New Family ✔️Where stories live. Discover now