<7>

288 18 39
                                    

💜 ඒයි ඔයා ඒ ගස්සපු ගැස්සිල්ලට යන්න ඕන තනියෙන්නේ මොකද ශෙනූගෙ අතින් ඇදන් ගියේ

ශෝන් මට එහා පැත්තේ පුටුව ඇදලා ඉදගන්න ගමන් අහද්දි ඩිලන් ඒ මුකුත් ඇහුන්නෑ වගේ මෙනු එකෙන් මූන වහන් ඒක කියෝනවා

❤️ මෙනු එක ගිලින්නෙ නැතුව මෙන්න මෙහේ දෙනවා

ලොකූ ඩිලන්ගෙන් මෙනු එක උදුරන් වේටර් කෙනෙක්ට කතා කරලා ඕඩර් එක දුන්නා

💜 මේහ්.. ඔයා ෆිලිෆා එක්ක යාලුකමක් පටන් ගන්න නම් එපා හරිද....යාලුවෙක් තෝරගන්න එක ඔයාගෙ කැමැත්තක් තමා ඒත් එපා

🦋 හී.....මට වෙන යාලුවො හිටියත් එකයි නැතත් එකයි ඔයා ඉන්නවනේ ඒ ඇති

ශෝන් ගානට පීරන් ආවා මගේ කොන්ඩේ එයාගේ ලොකු අතකින් අවුල් කරා.....
මට මීට කලින් මෙයාල එක්ක ජීවත් වෙන්න එන්න ලැබුනා නම්..

මට තාම මගේ ඇත්ත තාත්තා ගැන මුකුත් හොයාගන්න හම්බුනේ නැ....අඩුම නම ෆොටෝ එකක්වත්....ජෝන්ස් තාත්තයි අපේ තාත්තායි හොදම යාලුවෝ කිව්වට එයාලා ඇත්ත තාත්තා ගැන මුකුත් කියන්නෑ....මට එයා ගැන හොයාගන්න ඕන

මන් දන්න විදිහට අම්මායි තාත්තායි යාලු වෙලා තියෙන්නේ කොලේජ් එකෙ ඉගන ගද්දි..... ඉගන ගෙන ඉවර වෙලා ඒ දෙන්නා මැරි කරලා තාත්තා ජොබ් එක කරලා තියෙන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට

අම්මා වෙනස් වෙන්න අරන් තියෙන්නේ අයියාගේ ඉස්කෝලේ ‍යාලුවෙක්ගේ පෝසත් තාත්තෙක් නිසා...ඒ ප්‍රශ්න දුර දිග ගිහින් තමා දික්කසාද වෙලා තාත්තා අයියා එක්ක ගිහින් තියෙන්නේ මාව අරන් යන්න ගියත් අම්මා ඉඩ දීල නෑ

💙 මොකද ඕක කූරු ගගා ඉන්නේ කන්නෙ නැද්ද

🦋 අහ්...

මම මේ ලෝකෙට ආවේ ඩිලන්ගේ සද්දෙන්...වට පිට බලද්දි මගේ දෙපැත්තේ හිටිය ශෝනුයි ලොකුයි නෑ

💙 ඒ දෙන්නා කාලා කාර් එකට ගියා අපිට කාල එන්න කියලා

🦋 හ්ම්ම්

💙 මොනාද ඔය තරම් කල්පනා කරේ පැය බාගයක් තිස්සේ....

🦋 මගේ මූන දිහා බලන් ඉන්න එපා

New Family ✔️Where stories live. Discover now