1 වන කොටස

189 18 0
                                    

ටේහ්‍යුන්ග් හිටියේ තමන්ගේ කැබින් එකේ ඉදන් පාර දිහා බලාගෙන , ටේහ්‍යුන්ග්  දැක්කේ තමන්ගේ එක එක ටාගට් වෙනුවෙන් එහෙ මෙහෙ දුවන මිනිස්සු , ටේහ්‍යුන්ග් මේ දේවල් දකිනකොට එයාගේ ජීවිතේ එයාටම අමතක වුණු ටාගට් මතක් වෙන්න ගත්තා . ටේහ්‍යුන්ග් කියන්නේ දැන් අවුරුදු 38 වෙන පිරිමියෙක් , ඔයාලා බලනවා ඇති ටේහ්‍යුන්ග් තමන්ගේ ඔෆිස් එකේ කැබින් එකට වෙලා එයාට අමතක වුණු ටාගට් කල්පනා කරන්නේ ඇයි..?

එයාගේම කියලා ව්‍යාපාරයක් නෙවෙයි ද එයාගේ ටාගට් එක ? කියලා ...

කැබින් එකක ෆයිල් ගොඩක් අස්සේ හිරවුණු ටේහ්‍යුන්ග් ව ඔෆිස් එකේ අය , අදුරන අය , ගෙදර මිනිස්සු හිතන් හිටියේ ටේහ්‍යුන්ග් කියන්නේ මහ අද්භූත මනුස්සයෙක් කියලා .

එක අතකින් ටේහ්‍යුන්ග් ගේ සරල දිවි පැවැත්ම දන්න කෙනෙක් එහෙම හිතන එකේ වරදකුත් නෑ. මොකද ටේහ්‍යුන්ග් ගේ ඇදුමේ ඉදන් කන බොන දේ පවා අනික් අයට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් වුණ නිසා..

ටේහ්‍යුන්ග් ඇන්දේ අත්දිගට ,කොල්ලගේ මූණ බෙල්ලේ උඩ කොටස ඇරෙන්න ටේහ්‍යුන්ග් එයාගේ ඇග පේන්න ඇදුම් ඇන්දේ නෑ

ගිනි කාස්ටක අව්වේ වුනත් එහෙමයි..

ගෙදර ඇරෙන්න පිටතැනකින් කොල්ලා ඇල් වතුර උගුරක් වත් බිව්වේ නෑ .

කඩේකින් හදිස්සියකටවත් කෑවේ නෑ .

මනුස්සයෙක් දැක්කට හිනාවෙන්නෙ නෑ .

එයාව දකින ඕනම මනුස්සයෙක් ට හිතන්නේ මහ ආඩම්බරකාර මහන්තත්ත මිනිහෙක් කියලා . ඔය විදිහට ඉන්න නිසා එහෙම හිතන එකේ වරදකුත් නෑ .

කලු පාට ඇරෙන්න.කිසිදෙයක් පාවිච්චි කරන්න තියා දකින්නවත් කැමති නෑ .

" බොස් මීටින් එකට වෙලාව.හරි..!! " සේවකයෙක් ඇවිත් කියද්දි ටේහ්‍යුන්ග් කැබින් එකෙන් එළියට ආවා .

ඒත් ටේහ්‍යුන්ග් ටික දුරක් ඇවිත් බිත්තියට හේත්තු වුණේ එයාගේ අතේ තිබුණු ෆයිල් එක අතඇරෙනකොට එයා අත් දෙකෙන්ම ඔලුව අල්ල.ගත්තේ එයාගේ ඔලුව ඇතුළේ මොනාදෝ..දේවල් ගොන්නක් කැරකෙන කොට . ඔලුව ඇතුළෙන් අමුතු අමුතු හඩවල් ගොන්නක් ඇහෙනකොට .

ස්පර්ශ ටැටූ 🖤 18± Where stories live. Discover now