7 වන කොටස

51 7 3
                                    

කාලයක් යනකොට ටේහ්‍යුන්ග් ගේ හිත ජන්ග්කුක් ට ඇදිලා යන්නේ කොල්ලාගේ හිතේ ඇතිවුණු අමුතුම හැගීමක් නිසා ටේහ්‍යුන්ග් ට ඒ මොකක්ද කියලා කියන්න තේරුණේ නෑ ..

"ඒක වචනයේ පරිසාමාප්ත අර්ථයෙන් ම ආදරයක්..."
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

ආදරයක් ,ඒ ආදරණීය හැගීම් ගොන්නක් ඒ ආදරණීය හැගීම් ගොන්නක එකතුවක් ...

කාලයත් එක්ක ටේහ්‍යුන්ග් ට ජන්ග්කුක් ගේ හැමදේම දැනෙන්න ගන්නවා . එකට ක්ලාස් එකේ වැඩකදි වුණත් ටේහ්‍යුන්ග් හැමවෙලේම කලේ ජන්ග්කුක් දිහා ආදරෙන් බලන් හිටපු එක .ඒත් ආදරේ සම්මත ,අසම්මත ,කුල මල ජාති ආගම් බේද බෙදන සමාජෙක සමහර ආදර කතා ගිනි බත් වෙලා පිච්චිලා අතුරුදන් වෙලා  යන්නේ  වතුර ට දාපු සෝඩියම් කෑල්ලක් වගේ .

ජන්ග්කුක් වගේම ටේහ්‍යුන්ග් හිටියේ පාළුවට ගිය ගොඩනැගිල්ලක තාප්පේ උඩට වෙලා හද දිහා බලාගෙන ...

" හ්‍යුන්ග් ..."

" ම්න්..."

" ඇයි කවියෝ හදටම කවි ලිව්වේ?"

" හ්හ්..සමහර දේවල් තියනවා ඒ දේවල් ගැන වර්ණනා නොකලම , අපිට පව් පිරෙනවා ...හදත් එහෙමයි... කවියෝ හැමදාම හදට කවි ලිව්වා වගේම ඒ හැම කවියක්ම එකිනෙකට වෙනස් ...අදහස් හාත්පසින් ම වෙනස් ,දකින කෝණ මුළුමනින්ම වෙනස් ..."

" ඉතින් ...? "

" ඉතින් කවියෝ බය වුණා හද ගැන කවි නොලිව්වොත් උන්ට පව් පිරෙයි කියලා ඒකයි උන් හැමදාම හදටම කවි ලිව්වේ ..." ටේහ්‍යුන්ග් කිව්වේ හද එළිය වැටිලා කුකී ගේ මූණේ නිල්පාටට දිලිසෙන තැන් දිගේ ටේහ්‍යුන්ග් ගේ දිගටි ඇගිලි හිමින් සීරුවට අරන් යන ගමන් ..

" නුඹත් එක් සදකි කවියාට අමතකව ගිය ...
නා දළු තොල් අතර නගන
සිනා රැළි ...
ඇත් දළ පාට හමේ අදුරු
පාටට දිලෙසෙන ලපය 
තොට යටට වන්නට
සුරගනන් පැරදවූ සිනාවකි
නුඹට ... "

වියන්ට අමතක වුණත් ටේහ්‍යුන්ග් කුකීව වර්ණනා කළේ එහෙමයි ..

හිමින් ජන්ග්කුක් ගේ මූණේ දිගටි ඇගිලි වලින් රටා ඇදපු ටේහ්‍යුන්ග් ඇස් නතර වුණේ ජන්ග්කුක් ගේ තොල් ළග ,නා දළු පාට තොල් දිගටි ඇගිලි වලින් හිමීට පිරිමැදපු ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ගේ ඇස් දිහා බලනවත් එක්කම ජන්ග්කුක් ගේ ඇස් ඉබේටම පිය වුණේ .ටේහ්‍යුන්ග් මෙච්චර කාලයක් රැක්ක තපස් ජන්ග්කුක් ගේ අතින් බිදෙනකොට .
ජන්ග්කුක් ගේ නොයිදුල් තොල් ටේහ්‍යුන්ග් අතින් ඉදුල් වෙනකොට මෙච්චර වෙලා මේ දිහා බලන් හිටපු හදත් වළාකුළු අස්සේ හැංගුණේ ලැජ්ජාවෙන් වගේ .

ස්පර්ශ ටැටූ 🖤 18± Where stories live. Discover now