8 වන කොටස

56 6 3
                                    

ටික වෙලාවකින් කැෆේරියා එකට වෙලා ටේහ්‍යුන්ග් ඉන්නකොට ටේහ්‍යුන්ග් වත් පුදුම කරෝලා ටේහ්‍යුන්ග් ව හම්බවෙන්න එන්නේ
මීට අවුරුදු 7කට කලින් ලංකාවට ආපු වෙලාවේ  ටේහ්‍යුන්ග් ට හැමදේකටම හිටපු යාළුවා පාර්ක් ජිමින් .

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

" ජි..ජිමින් ...." ටේහ්‍යුන්ග් මුමුණන ගමන් කතා කලා .

" කොහොමද ඉතින් mr.kim " ජිමින් කිව්වේ ටේහ්‍යුන්ග් ට ඔච්චම් කරන ගමන් .

" උඹ දන්නවා නේ ! මන් ඔහොම කියනවට අකමැති බව ආ.." ටේහ්‍යුන්ග් කිව්වේ විහිළුවෙන් වුණත් දැඩිව .

" අහ්....එහෙනම් මන් මෙහෙම කතා කරන්නම් ...කොහොමද මගේ අනාගත මස්සිනේ..." ජිමින් කිව්වත් ටේහ්‍යුන්ග් ගේ අතේ තිබ්බ ගෑරොප්පුව ටේහ්‍යුන්ග් ගේ අත හිල් කරගෙන යන්න ගියේ එක් නිමේෂයක් තරම් වෙලාවක් ..

ඒත් එක්කම ටේහ්‍යුන්ග් ට මැසේජ් එකක් එන්නේ ජන්ග්කුක් ගෙන්.ඒත් ඒක වැඩිය ගාණකට නොගෙන ටේහ්‍යුන්ග් ජිමින් ගෙන් ආයෙමත් ප්‍රශ්න කරනවා .

" ඒ මොකක්ද ඒ කතාවේ තේරුම .."

" අහ්  .උඹ තාම ඒක දන්නෙ නැද්ද ...? මෙහෙමයි උඹ දන්නැද්ද ඇයි ආයේ ලංකාවට ආවේ කියලවත්...? "

" දන්නවා නම් අහන්නෙ නෑනේ " ටේහ්‍යුන්ග් තරහයින් වගේ උත්තර දෙනකොට ජිමින් ට අමුත්තක් නොදැනුනාම නෙවෙයි .

" උඹ ලංකාවට ආවේ මගෙ නංගි ඉනායා ව මැරි කරන්න .."

Taehyung mind 🌑✨

දෙයියනේ !!
මේ මිනිහා මොකක්ද මේ කියන අපබ්‍රංශ කතාව ...
ඉනායව මැරි කරන්න !!
ඒකත් මම...
අර උදච්ච නාකියා ගේ වැඩ ..
හොදයි මිස්ටර් කිම් බලාගමු ඔහේද මම ද කියලා ..
දෙයියනේ මේ කතාව මගෙ පණ ගේ කනට වැවුනොතින්...
මොකද කරන්නේ මං ...
දෙයියනේ ඇයි මටම ආ ...

Taehyung mind end 🌑✨

" ඔහ්...කොච්චර හොදද...නේද ඒක නෙවෙයි ජිමින් අපි , පස්සෙ වෙලාවක හම්බවෙමු ද ? මට පොඩි වැඩ වගයක් තියනවා ..."

" ඒත්..අපි...."

"එහෙනම් පස්සේ හම්බවෙමු ..." ටේහ්‍යුන්ග් එතනින් යද්දි ජිමින් කල්පනා කලේ මූට මොන මහසෝනා ආවේස වුනාද කියලා .

ස්පර්ශ ටැටූ 🖤 18± Where stories live. Discover now