"හොදයි මන් තමුන්ගේ ජීවිතේට ඇගිලි ගහන්නේ නෑ..හැබැයි තමුන්ගේ අක්කා හොදින් සතුටින් ඉන්න ඕනි නම් කටවහගෙන මන් කියන දේ කරනවා !! " මිස්ටර් කිම් එහෙම කියලා යනකොට ටේහ්‍යුන්ග් තමන්ගේ මේසේ උඩ තියන මැටි වලින් හදපු මල් වාස් එක පොලේ ගැහුවා .
සලාන්...⚡⚡
එහෙම්මම කාර් එකේ කී එක ගත්තු ටේහ්‍යුන්ග් ඔෆිස් එකෙන් ඇවිත් වාහනේ ඩ්‍රයිව් කරන් බාර් එකට යන්න පිටත් වුණා .
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ජන්ග්කුක් හිටියේ සුපර් මාකට් එකේ ,බෝඩිමේ ඇන්ටිගේ බඩු ලිස්ට් එක තෝරන ගමන් ." දෙයියනේ !! ඇන්ටි කනවද නැත්නම් ගිලිනවද ? මෙච්චර බඩු ගොඩක් " ජන්ග්කුක් එහෙම හිතන ගමන් බඩු තෝරගෙන බිල් එක පේ කරලා බයික් එකේ බෝඩිමට එන්න ආවා .
ටේහ්‍යුන්ග් හිටියේ කාර් එකේ බාර් එකට යන ගමන් මේ වෙලාවේ ටේහ්‍යුන්ග් ට කෝල් එකක් එන්නේ හිතපු නැති කෙනෙක්ගෙන් .
කෝල් එකේ අයිඩී එක ටේහ්‍යුන්ග් බැලුවා .
" අක්කා මේ වෙලාවේ කෝල් කරන්නේ ඇයි " ටේහ්‍යුන්ග් එහෙම හිතන ගමන් කෝල් එක ආන්ස්වර් කළා .
" ඔව් කියන්න අක්කේ ? " ටේහ්‍යුන්ග් එහෙම අහනකොට ටේහ්‍යුන්ග් ට ඇහුනේ එයාගෙ එකම අක්කා වුණු කිම් යේහි හයියෙන් හුස්ම ගන්නවා කියලා විතරයි .
" ඒයි යේහි ..අක්කා කතා කරනවා ඕයී ....කියන එක ඇහෙන්නේ නැද්ද ?? "
" ම්ම්හ්...ට්...ටේ ම..ගෙ අතින් .ද..ල්පොට ගැහුවා ...ඒ මිනිහා නැගිටින්නේ නෑනේ 😢 " මුලින් ටික කියනකොට ගොත ගැහුනත් අන්තිම ටික හරියට කිව්වා.
" හරි ඔහොම්මම ඉන්න මන් එනවා කවුරු ආවාත් දොර අරින්න එපා " ටේහ්‍යුන්ග් එහෙම කියලා කාර් එක අනික් පැත්තට හරවන් ගියේ .ඊයක වේගයෙන් .
ටේහ්‍යුන්ග් ටිකක් දුර එනකොට එයාගෙ ඔලුව කැක්කුම එන්න පටන් ගන්නවා .මොකද ටේහ්‍යුන්ග් ට වගේම යුන්ශික්ටත් ටේහ්‍යුන්ග්ගෙ බෙහෙත් අමතක වෙනවා .
ටේහ්‍යුන්ග් එක අතකින් සුක්කානම අල්ලගෙන අනික් අතින් එයාගෙ ඔලුව පිරිමදින්න ගත්තා . ඒත් එක්කම ඔලුව කකියන එක එන්න එන්න වැඩි වෙනකොට ටේහ්‍යුන්ග් අත් දෙකෙන්ම ඔලුව අල්ලගන්නේ ඇස් දෙක පියාගන්න ගමන් .
YOU ARE READING
ස්පර්ශ ටැටූ 🖤 18±
Romanceආදරය රාගයෙන් ඔබ්බට ගිය කලාවක්... + ටැටූ ගහන්නේ ඇයි බන් මිනිස්සු ¿ _ ආහ්...ඒක ආර්ට් එකක් ..නේ ! + නෑ කොහෙත්ම නෑ.. - එහෙනම් ? + ටැටූ කියන්නෙම තමන්ගේ යටි හිත..? _ මොකක් ? + ඔව් ඒ යටි හිත..ඔය යටි හිතේ තද කරන් ඉන්න දේවල්..!!! ටේකුක් 😻 DONT COPY MY...