02

478 40 7
                                    

" අඩෝ මේඝයා පොඩ්ඩක් ඔය ෆෝන් එකේ මොබයිල් ඩේටා කියන එක ඔන් කරලා වට්සැප් කියන එක බලපං... "

" ඇයි මොකෝ සීන් එක... "

" අඩේ අර බඩා මාමා අලුතෙන් දැම්ම රෙස්ටුරන්ට් එක තියෙන්නේ... "

" දන්නවා කියපං... "

" අන්න ඒකෙ සින්දු කියන්න බෑන්ඩ් එකක් හොයනවා... "

" අඩෝ අපේ එවුන්ට කිව්වද උබ... "

" ඔව් පගෝ බලපං අපේ ගෲප් එකේ දාලා නිරූ අයියා... උබට ඉතිම් ඒක බලපං කියලා නෝමල් කෝල් කරලා කියන්න එපැයි...  "

" ඔය හු## ඇප් එකට ගිය ගමන් එක එකා හායි... මොකද කරන්නේ... අරකද මේකද අහනවා... ඊට වඩා හොදයි ඩේටා ඕෆ් කරලා දාලා පාඩුවෙ ගිටාර් පාරක් ගහලා සින්දුවක් කියලා ආතල් එකේ ඉන්නවා... "

" උබ ගැන දන්න නිසා තමා මං කෝල් කරේ... මේ යමං හොදේ... "

"එහෙනං යමං මට අවුලක් නෑ... "

" හැබැයි කොස්සක් තියෙනවා මේඝයා... "

" ඒ මොකක්ද... "

" රෑට තමා මචං වැඩේ තියෙන්නේ... ඒත් හැම ඉරිදාම විතරයි... බෑන්ඩ් එකට 12ක් ගෙවනවලු බං... රෑ කෑම ෆ්‍රී... ෆොරින් සෙට්නෙ බං එන්නේ ඕකට වැඩි හරිය... "

" මං තාත්තිට කෝල් එකක් දාලා උබට කෝල් එකක් ගන්නම්කෝ... "

රෑට කාලා එහෙම පොඩ්ඩක් ගිටාර් එක ප්‍රැක්ටිස් වෙන ගමන් හිටිය මට කෝල් එක ආවේ ආශුවාගෙන්... ආශුවා කිව්වට උගේ නම ආශාද්... යාලුවො කියන්නේ ටැපා... මගේ හොදම යාලුවා... මං ආශූ එක්ක තව කොල්ලො තුන් දෙනෙක් සෙට් වෙලා බෑන්ඩ් එකක් හැදුවා... සෙට් එකටම මියුසික් ඌශ්නේ ඉහලින්ම තියෙන උං...

මං ගිටාර් ප්ලේ කරා වගේම සමහර වෙලාවල් වල සින්ග් කරා... ආශු වෝකලිස්ට් උනාට ඌටත් පට්ටෙට ගිටාර් ප්ලේ කරන්න පුලුවන්... අනිකා ශිවා... ශිවනාද්... ටැමිල් කොල්ලෙක්... ඌ තමා සෙට් එකේ ඩ්‍රමර්... ඌ මසාලා ටී වලට පට්ට ආසයි... උට දවසට මසාලා ටී එකක් නැත්තං සික් එක වගේ... ඒ නිසා යාලුවො ඌට කියන්නෙ මසාලා කියලා...

අනික් දෙන්නා තමා නිදුක අයියායි නිරාශ් අපිට වඩා වැඩිමල්... ඒ දෙන්න ඉස්කෝලේ ගිහින් ඉවරයි... කැම්පස් ඉන්නේ... දෙන්නම රුහුනෙ නිසා අපිට සෑහෙන්න ළගයි ඩබල වීක් එන්ඩ් එකේ ගෙදර ආවම අනිවාරෙන්ම අපි ඔක්කොමල එක්ක සෙට් වෙලා ආතල් එකේ සිංදුවක් එහෙම කියලා තමා යන්නේ...

අවාරෙක | ON HOLD |Where stories live. Discover now