04

366 31 8
                                    

" මං සීතල නිසා ලිප ගාව ඉද්දි මේ යකා මාගේ ඇගේ හැප්පුනා... මාව එහාට විසි උනා... "

" පොඩ්ඩක් විසි උනා කියලා උබෙන් කෑල්ලක් ගියේ නෑනේ බං... උබලා දෙන්නම් සමගියෙන් ඉදපංකෝ ආව වෙලේ ඉදං ඇනකොටා ගන්නෙ නැතුව... "

" ...... "

" දෙන්නටම කියලා වැඩක් නෑ මෙන්න මෙහෙන් ඉදගනිං... "

මිරෝශ් මල්ලිගෙ අයියා තනියම අතට බෙහෙත් දාගන්න ගියත් තුවාල වෙලා තියෙන අත ඒ එක්කෙනාගෙ හුරු අත නිසා බෙහෙත් ටික දාගන්න හෙන ගේමක් දෙද්දි මං එයාට බෙහෙත් දාන්න පටං ගත්තා... ඒ එක්කෙනා මං අහන ඒවට කෙටියෙන් උත්තර දුන්නත් මල්ලි ගැන අහද්දිනම් මොකද්ද කියන්න නොතේරෙන හැගීමකින් මං දිහා බලද්දි මං මූණ නොබලා බෙහෙත් දැම්මා

ඒ අස්සෙ එක පාරට ආශුවාගෙ කෑ ගැහිල්ල ඇහිලා මායි ඒ අයියයි දෙන්නම ඒ පැත්ත බලද්දි ආශුවා එක්ක මිරෝශ් මල්ලි දෙන්නා නිකන් කුලප්පු වෙච්චි මීහරක් දෙන්නෙක් වගේ එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා... වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුන නිසා මං ගිහින් ආශුවාව ඇදලා ගනිද්දි නිදුක අයියා ඇවිත් දෙන්නටම පැත්තකින් වාඩි වෙන්න කියලා කෑම බෙදන්න පටං ගත්තා...

හැමෝම එකට කෑම කලා එහෙම ගිණි මැලයක් ගහලා වට සාකච්ඡාවක් දාද්දි අපි පොඩි ටික එකතු වෙලා කාඩ් සෙල්ලම් කරන්න පටං ගත්තා... මිරෝශ් මල්ලි පැත්තකට වෙලා බලං ඉද්දි ශිවා ගිහින් එයාට කතා කරලා අපි ළගටම එක්ක ආවත් ආය ආශුවා එයා එක්ක ඇවිලෙන්න යන නිසා මායි ශිවයි ආශුවාව මැද්දෙන් වාඩි කර ගත්තා...

කාඩ් සෙල්ලම් කරන එක මිරෝශ් මල්ලිට සෙට් නෑ වගේ දැනුන නිසා අපි true or dare කරා... හිස් වතුර බෝතලයක් අරං ඒක මැදින් තියලා කරකවපු කෙනාට පුලුවන් කැරකිලා නැවතුන කෙනාගෙන් ප්‍රශ්නයක් අහන්න... එයා true තෝරගත්තොත් ඇත්තම කියන්න ඕනි dare තෝරගත්තොත් ලූනු කන්න ඕනි... true තෝරගෙන ඇත්ත නොකියා හිටියොත් බෝතලේ කරකවපු කෙනා දෙන ඕනිම දඩුවමක් බාර ගන්න ඕනි...

" ඉරි හංගපං... එක ආව කෙනා තමා බෝතලේ කරකවන්නේ... "


" හරි... අත අයින් කරපං... අම්මටසිරි ශිවා එක... "


අවාරෙක | ON HOLD |Where stories live. Discover now