08

189 21 6
                                    

" ඕයි තමුසෙද පිනාට කිව්වේ අපේ දිහා ඉන්නේ කියලා... "

" නෑ චූටි මල්ලි මං කිව්වේ නෑ... සර් කොහෙන් හරි දැන ගන්න ඇති... "

පිනා ගියාට පස්සේ මං හෙමීට ආරෝශ් අයියට ළං වෙලා ඇහුවෙ ඔයාද අපේ දිහා ඉන්නවා කියලා කිව්වේ කියන එක වෙද්දි ආරෝශ් අයියත් කිව්වේ එයා දන්නෑ කියලා...

" ඒකත් එහෙමද... ඒකෙන් මේකෙන් මායි අමාරුවේ වැටුනේ... අර පේනවනේ අපේ පංතියේ අංගනාවියෝ ටික දැම්ම ඉදංම ප්‍රශ්න පත්තරේ හදන්න පටං අරං වගේ... "

" ම්න්... ඉතිම් මං කිව්ව විදියට කියන්න... එතකොට ඔයත් ශේප් මාත් ශේප්... "

" ඔයා කියන එකක් තමා මෙයා... මෙහ්... දැන් අපි මොනාද කරන්ඩ ඕනි... "

දැන්ම ඉදං අපේ පංතියේ කෙල්ලො සෙට් එක ආරෝශ් අයියා දිහා බල බල කුටු කුටු ගාද්දි මං හිතාගත්තේ මං ඉවරයි තමා කියලා... ඒ එක්කම අර කතා උන විදියට කිව්වනම් අපි දෙන්නම ශේප් කියද්දි මං ඕනි පුකක් කියලා අපිට කරන්න තියෙන්නේ මොනාද ඇහුවා...

" දැන්නම් තියෙන්නෙ මේ ග්‍රවුන්ඩ් එකේ තණකොළ ටික කපලා දාලා ස්පොට් රූම් එකයි අර ගබඩා කාමරෙයි අස් කරලා දාන්න තමා... හෙට දිහාට කෝඩ් ටික අදින්න වෙයි වොලිබෝල් එහෙම ප්‍රැක්ටිස් කරන්න කිව්වා මුලින්ම... චූටි මල්ලි වොලිබෝල් ගහනවද... "

" නැතුව නැතුව ඕකා තමා අපේ කැපා..."

" එහෙනං හොදයි පොඩි අයට වොලිබෝල් ප්‍රැක්ටිස් කරවන්න පුලුවන්නේ එහෙනං... "

" ආශුවා මං තෝ හම ගහනවා... "

ආරෝශ් අයියාත් බඩු ලිස්ට් එකක් කියෝනවා වගේ කොලයක් දිහා බලාගෙන කියවගෙන යද්දි ඊට පස්සේ ඇහුවේ මගෙන් වොලිබෝල් ගහන්න පුලුවන්ද කියන එක වෙද්දි කොහෙදෝ ඉදං මැද්දෙන් පැන්න ආශුවා මං තමයි වොලිබෝල් කැප්ටන් කියද්දි අනික් අතට ආරෝශ් අයියා කිව්වේ පොඩි අයට වොලිබෝල් ප්‍රැක්ටිස් පුරුදු කරන්න කියලා...

හරිම අගෙයි බේසිකයා මූ නං පාප මිතුරෙක් කොහෙං ගියත් මට බාල්දියක්මයි පෙරලන්නේ එන පොට හොද නෑ කියලා දන්න ආශුවා මට දිවත් දික් කරලා දාලා දුවද්දි මං උගේ පස්සෙන් දිව්වේ අදනං පරයගෙ කන පලනවා කියලා හිතලා...

අවාරෙක | ON HOLD |Where stories live. Discover now