25

140 15 13
                                    

නාලා අකී ගෙනත් තිබ්බ ඇදුමත් ඇදගත්ත මං කාමරේට එද්දි අකී හිටියේ චූටි මල්ලිගේ ඔලුව අතගාන ගමන්...

" නින්ද ගියා... "

" පොහ්..ඩී... ඇ...යි... ම්මට... ම්මෙහ්හෙම... කරේ... ම්ම්.හ්..ගේ... අ...යි...යේහ්... ඇ..යිහ්... ම්මාව... අම්මත්තකද... ඔයාට.."

" චූටි මල්ලී... හොද දරුවා වගේ දොයියගන්නකෝ දැන්... ඒ ඔයාගේ ඔයාගෙ පොඩී නෙවෙයි දරුවෝ... ඒ එයා නෙවෙයි..."

අකීගේ උකුලෙන් ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න චූටි මල්ලිව මට පෙන්නුව අකී කිව්වේ එයාට නින්ද ගිහින් කියලා... මං දන්නවා එයා ඉන්නේ කියාගන්න බැරි තරම් දුකින් කියලා... මට ඒ වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වෙන එක ගැන මට මං ගැනම කේන්ති... ලොකු උනාම එයාව පරිස්සමෙන් බලාගන්නවා කියලා මං මටම දුන්නු පොරොන්දුව ගැන මට දැනුනේ මහ ලැජ්ජාවක්... මං මහ කාලකන්නියෙක්... කිසිම දෙයක් හරියට කරගන්න බැරි කාලකන්නියෙක්...

" දෙවනි... දැන් වත් මේ සෙල්ලම ඇති හිතෙන්නැද්ද... තව කොච්චර කාලයක් මේ බොරුව කරනවද... ඔයාට මේකේ බරපතලකම තේරෙන්නැද්ද අයියේ... මේ කොල්ලා පිස්සෙක් වෙයි තවත් මෙහෙම හිටියොත්... "

" මං කොහොමද අකී ඒක කියන්නේ... ඔයා හිතනවද ටිරූ ආන්ටි අංකල් වගේ අපේ ඇත්ත දැනගත්තම මෙහෙ ඉන්න දෙයි කියලා... අංකල් උනත් මෙහෙ ඉන්න දුන්න හේතුව ඔයා දන්නවනේ අකී... අංකල්ට දුන්න පොරොන්දුව මට කඩන්න බෑ... කාලෙත් එක්ක චූටි මල්ලිට රයෙල් කියන චරිතේ අමතක වෙලාම යයි අකී... අනික අද උන දෙයින් එක හොදක් උනා... චූටි මල්ලි එයාගෙ රයෙල් අයියාට කෙල්ලෙක් ඉන්නවා කියලා හරි හිත හදාගන්න බලයිනේ... "

" හිත හදාගත්තේ නැත්තන් මොකද කරන්නේ ඔයා... ආ දෙවනි... එහෙම නොවුනොත්... ඔයා රයෙල් අයියාට කතා කරන්න ගිහින් හිටිය වෙලේ චූටි අයියා මාත් එක්ක කියපුවා ඔයා දන්නවද දෙවනි... එයා කිව්වා කවදාවත් එයාට එයාගෙ පොඩි අයියාව අමතක කරන්න බෑ කියලා... ජීවිත කාලෙම මතකේ ඉදී කියලා... කෙනෙක්ගෙ හිතේ තියෙන දේවල් මට පේනවා කියලා ඔයා හොදටම දන්නවා දෙවනි... එයා එයාගෙ රයෙල් අයියාට තදින්ම බැදිලා ඉවරයි දෙවනි... ඒක ආවට ගියාට හිතට ආව දෙයක් නෙවෙයි... ඒ වගේ දෙයක් ලේසියකට අමතක වෙලා යන්නෙත් නෑ අමතක කරවන්නත් බෑ... එහෙම වෙන්නම් ඒ කෙනා මැරෙන්න ඕනි... "

අවාරෙක | ON HOLD |Where stories live. Discover now