37

102 16 2
                                    

ඊයේ හවස උන සිද්ධියත් එක්ක පොඩි අයියා මාව මාගාරිනවා වගේ දැනුනත් මං එයාගෙන් හේතු අහන්න ගියේ නෑ... මට තියෙන අවුල එයා මං ගැන වැරදියට හිතුවාද කියන එක... අනික මං ඊයේ එයාට බැන්න හැටියට ආයෙම එයාට කතා කරන්නත් මොකක්ද වගේ දැනෙද්දි මං නිකන් හිටියේ මගේම ගෙදර හොරගල් අහුල අහුල... මට මිරෝශ්ගෙන් අහන්න හිතුනත් ආය මං එයාගෙන් මොකුත් ඇහුවෙ නැත්තේ මේක අයියාගෙයි මගෙයි ප්‍රශ්නයක් නිසා... මට දැන් තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ලොකූටයි චූටිටයි දෙන්නාට අයියලා ගැන කියනවාද නැද්ද කියන එක... මෙතුල් අයියාම හවස් වරුවෙ අපි ඔක්කෝටම එන්න කියලා තියෙද්දි මාත් හෙමීට සාලේ පැත්තට ගෑටුවේ ඔක්කොමලා සාලේ පැත්තේ ඉන්නවා දකිද්දි... මං වගේ අන්තිමයා...



මාත් ගිහින් චූටි වාඩි වෙලා හිටිය සෝෆා එකේ ඇන්ද උඩ යන්තම් වාඩි උනේ ඊගාවට මොනා වෙයිද හිතාගන්න බැරුව... මොනා උනත් මට ඊගාවට වෙන්න යන්නේ හොදක් නෙවෙයි කියන එක ඉවෙන් වගේ දැනෙද්දි මිරෝශ් මගේ දිහා බලලා හිනාව හිර කරගෙන අහක බලාගත්තේ මං ඌට දමාගෙන රවද්දි... ඇයි යකෝ අයියලා මල්ලිලාට කරන්න හොදයි... බලමුකො බලමුකෝ...



" සභාවෙන් අවසරයි... "



" මේක උදේ රැස්වීම නෙවෙයි හලෝ... "



පුදනකොටම කාපි යකා කියලා මෙතුල් අයියා විදියට ඉන්න යුගේශ් අයියා කතාව පටන් ගන්න කලින් අවසරයක් ගන්න ගිහින් ලොකූගෙන් අහගත්තා වගේම මං එන්න ආව හිනාව හිර කරගෙන තොල් හපාගත්තේ චූටිත් බිම බලාගෙන හිනා වෙනවා දකිද්දි... නෙළුම් අයියාත් උබනම් මහ හරකෙක් වගේ බැල්මකින් යුගේශ් අයියා දිහා බලන් හිටියේ යුගේශ් අයියාගේ මල්ලිලා දෙන්නා වෙච්චි පොඩී එක්ක මිරුවා උබ අපේ අයියාද වගේ බැල්මකින් බලන් ඉද්දි... ඔක්කෝටම හපන් ලොකූ දිහා බලද්දි හිර කරගෙන හිටිය හිනාව බකස් ගාලා එලියට පැන්නේ එහෙන් ලොකූ මටත් මැරුම් කන්න ආසද වගේ බැල්මක් දෙද්දි...



" අහ්ම්ම්... මේ අහන්නකෝ... මට මේක කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නෑ..."



" කොහෙන් හරි පටන් ගනිම් මිනිහෝ... මට ඩිසයින් එකක් හදන්න තියෙනවා... තමුසේ හිතුවාද වැඩ නෑ කියලා... "



අවාරෙක | ON HOLD |Where stories live. Discover now