23

110 17 10
                                    

රයෙල් අයියාගෙ සින්දුව ඉවර වෙලා කට්ටියම කේක් කපලා බර්ත් ඩේ ගර්ල්ට විශ් කරද්දි එක අයියා කෙනෙක් අපිටත් කේක් ගෙනත් දුන්නත් මං හිටියේ කේක් කන සිහියකින් නෙවෙයි... මං මොකක් හරි අවුලකින් කියලා නිරූ නිදූ දෙන්නාටත් තේරිලාද කොහෙද මගෙන් ඇයි ඇහුවත් මං මොකුත් නොකියා හිටියේ එයාලට දෙන්න මං ළග උත්තර නැති නිසා...

" මල්ලිලා මේ සින්දු ටික ප්ලේ කරනවද... "

" ඕකේ අයියා... "

" චූටි මල්ලි සින්දු කියන්න පුලුවන් නේද..."


" හ්ම්ම්ම්... මේඝන කවදාවත් දෙයක් මගින් අතාරින්නෑ... "

රයෙල් අයියාගෙ යාලුවෙක් කියන්න පුලුවන් අයියා කෙනෙක් ඇවිත් නිරූ අතට කොලයක් දීලා ඒ සින්දු ටික මේ වෙලාවේ කියන්න පුලුවන් නේද අහද්දි නිරූ ඔව් කියලා භාරගත්තේ අපි ඒ සින්දු මීට කලින් ප්‍රැක්ටිස් කරලා තිබ්බ නිසා...

මං හිටියේ ස්ටේජ් එකේ කෙලවරක බිත්තියට හේත්තු වෙලා... මගේ ළගින්ම එහා පැත්තෙන් ආරෝශ් අයියා ඉදලා ඇහුවේ මට සින්දු කියන්න පුලුවන්ද කියලා... ඇත්තම කිව්වොත් මේ වෙලාවෙ සින්දු කියන්න තියා මට ඕනි මේ කිසිම කෙනෙක්ට නොපෙනෙන්න හැංගිලා ඉන්න... ඒත් මේඝන කියන්නේ කීයටවත් මගින් අතාරින කෙනෙක් නෙවෙයි...

" මේඝයා... මුලින්ම මේක බං... lyrics මතකනේ උබට... "

" ඕ නිරූ මතකයි... "

නිරූ අයියා අර කලින් අයියා දීලා ගිය කොලේ තිබ්බ මුල්ම සින්දුව මගෙන් පෙන්නලා ඇහුවේ සින්දුවේ lyrics මතකද කියලා...

එක දවසක් අපි නුපුරුදු සුවදක හිත හෙමිහිට බැදුනා...

මගේ ජීවිතේ මෙතෙක් තිබුනු නරක දවස් වලින් අද දවස තමා නරකම දවස... ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ... මේ සින්දුව මට අහපු කියපු හැම වෙලාවකම මට මතක් උනේ එයාව... මගේ පොඩීව... ඒත් අද මට ඒ සින්දුවම එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ බ‍ර්ත්ඩේ එකට කියන්න වෙලා...

සමහර විට මේ මගේ දෛවය වෙන්න ඇති... මගේ ලැබීම වෙන්න ඇති... එච්චර සතුටින් ඉන්න ඒ දෙන්නාගෙ සතුට නැති කරන්න මට ඕනි නෑ... සමහර විට මේ සින්දු ටික කියන්න කියලා තෝරන්න ඇත්තෙත් රයෙල් අයියාම වෙන්න ඇති... එයානේ මේ බර්ත්ඩේ පාටි එක ඇරේන්ජ් කරලා තියෙන්නෙත්... ඒ ගැන කලින් දන්නවානම් කීයටවත් මං එන්නේ නෑ... ඒත් මට මේකට එන්න වෙන්න ඇත්තෙ මගේ දෛවය නිසාම වෙන්න ඇති...

අවාරෙක | ON HOLD |Where stories live. Discover now