16

132 18 17
                                    

මටත් ඩෑස් පාරක් දිගෙන කුස්සියට දිව්ව චූටි ඉත්තෑවෙක් ගැන කියවද්දි මාත් තප්පරේට කුස්සියට දිව්වේ ඉත්තෑවා බලන්න... චූටිට පෙනුන ඉත්තෑවා මට මැකෝ ගිරවෙක් වගේ පෙනෙද්දි කටින් නොකියන්න හිතුවත් මං ඒක හයියෙන්ම කියලා තිබ්බා...

" මේහ් මල්ලී නංගීද... "

" ඔව් පුතූ... දෙවනි මේක ලොකූටත් ගිහින් දෙන්න එයා අර ඩිසයින් එක හවසට දෙන්න ඕනි කියලා තේ බොන්න වත් ආවේ නෑ... "

දැක්ක ගමන් මට හිතාගන්න පුලුවන් උනා මූ තමා රෝස් පාන්ගෙ ගෙදරින් පැන්නුව කල්‍යාණ මිත්‍රයා කියලා... මහ නසරාණි පෙනුමක් තිබ්බේ... කොන්ඩෙ නිකන් ඉත්තෑවෙකුයි මැකෝ ගිරවෙකුයි දෙන්නෙක්ගෙ කවලමක් වගේ... 


පොර අම්මි එක්ක එකතු වෙලා බොංචි කඩනවා... ඩෑල් එක ආව ගමන් අපේ අම්මිවත් අල්ලගෙන වගේ... අපේ අම්මි ඉතිම් ජාතියේ මවනේ... අපේ ගෙදරට එන ඔක්කොම කොල්ලෝ ටික එයාගෙ පුතාලා... සමහර විට ගෙදර එකම කොල්ලා මං නිසා අම්මි ආස ඇති තව පුතාලාට...


ලොකූ ඩිසයින් එක දෙන්න ඕනි කියලා තේ බොන්න වත් ආවේ නැති නිසා අම්මි දුන්න තේක අරං මං ලොකූ හොයාගෙන එද්දි රින් වෙන ෆෝන් එක්කුත් උස්සගෙන සාලෙ දොරෙන් ආවේ ආරෝශ් අයියා... එයාටත් හිනාවක් දීලා මං ගියේ ලොකූගෙ කාමරේට...

" සුදු නෝනේ... මෙන්න තේ... "


" ඔතනින් තියන්න දෙවනි... මං මේක ඉවර කරලම එන්නම්... ඉස්කෝලේ යන්නත් ඕනි නිවාඩුත් නෑ... "


" මගෙන් ගුටි නොකා මේක එක හුස්මට බීලා දානවා අක්කි... ඇල් වතුර වෙලා තේ එක... "


" හරි හරි අෆ්ෆා... කෝ දෙනවා... "

මං කාමරේට යද්දි ලොකූ පස්ස කැඩිච්ච කඩියා වගේ කුලප්පුවෙන් ඩිසයින් එකේ අඩුපාඩු හදනවා... ගෙනාව තේ එක පැත්තකින් තියන්න කිව්වත් මගෙන් බැනුමක් අහගෙන එක හුස්මට තේක බීලා කෝප්පේ මට දෙද්දි මං පාඩුවෙ ගියේ එයාගෙ වැඩේ ඉවර කරගන්න තියෙන්නෙ තව පොඩ්ඩ වෙලාවක් නිසා... තියෙන නිවාඩු ඔක්කොම ගන්න ලොකූට තව නිවාඩු නෑ කියද්දි මට තනියම හිනා... ඔලුව කැක්කුම ආවත් නිවාඩු, හෙම්බිරිස්සාවක් ආවත් නිවාඩු මාසෙට දවස් කීයක් නිවාඩුද ඉතිම්...


අවාරෙක | ON HOLD |Where stories live. Discover now