01

1.2K 50 13
                                    


" මල්ලී... මල්ලී... මල්ලී... දොර අරිනවා බූරුවෝ මට පරක්කු වෙලා හොදටම... "

" ඉන්න අප්පා ඔහොම ගැහුවොත් දොර ගැලවෙයි... මොන වදයක්ද හලෝ... නිදාගන්නත් නෑ... "

" නැගිටිනවකො රෙද්ද... පුදුම කනමතක් මේක... තමුසෙට මේඝනාද් කියලා නම දාපු වෙලේ අම්මිට කුම්බකර්ණ කියලා නම දාන්න තිබ්බේ... මාව හන්දියට ගිහින් දානවකො ඉක්මනට... "

" ආයිෂ්... මල වදේ... අන්තිම තප්පරේට ලෑස්ති වෙලා මෙතන ඩෙගා නටනවා... "

මේ තමා අපේ ගෙදර හැමදාම උදේට ඇහෙන සුපුරුදු තැටිය... මං කවුද කියලා කිව්වොත්... මගේ නම මේඝනාද්... මේඝනාද් සේනාධීර... මගේ අම්මා එයාහොස්ටස් කෙනෙක්, තාත්තා නේවි කැප්ටන් කෙනෙක්... මට ඉන්නවා මෝඩ අක්කෙකුයි යක්ෂ නංගියෙකුයි... මේ දැන් හන්දියට ගිහින් දාන්න කියල බෙරිහන් දුන්නෙ වෙන කවුරුත් නෙවෙයි මගේ මෝඩ අක්කා...

දිව්‍යානි සේනාධීර... ටැමිල් ටීච කෙනෙක්... නිශේල්‍යා සේනාධීර... නංගි අලුත් 10 වසරෙ... මං o/l ඉවර කරලා රිසාල්ට් එනකල් ගෙදරට වෙලා කාලකන්නි ජීවිතයක් ගෙවන ජීවියෙක්... අම්මයි තාත්තයි ගෙදර එන්නෙ මාස ගානකට සැරයක් නිසා ගෙදර ඉන්නෙ අක්කයි මායි නංගී විතරයි... ඉස්සර නම් ගෙදර වැඩ කරන්න ගමේ නැන්දා කෙනෙක් ආවත් දැන් ඉතිම් අපි ලොකු නිසා එයා නැවතුනා... මොනා උනත් අක්කා තමා දෙවනි අම්මා වගේ අපිව බලාගන්නෙ... උයලා කන්න දෙන්නේ... රෙදි ටික පවා සෝදලා දෙන්නේ...

ඔය එකී මෙකී නොකී වැඩ ටික ඉවර කරලා එයා ගෙදරින් ඉස්කෝලෙට යන්නෙ බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා... නංගී මායි යන ඉස්කෝලෙම තමා අක්කත් උගන්නන්නෙ... ඕලෙවල් ලියලා ඉවර උන කාලේ ඉදන්ම මං හැමදාම උදේට අක්කව හන්දියට ගිහින් දානවා... අපේ අක්කට ස්කූටියක් තිබ්බට ලයිසන් නෑ... අක්කාගෙ ගුරු පත්වීම වෙනුවෙන් අක්කට අපේ තාත්තගෙන් හම්බුන තෑග්ග තමා ස්කූටිය... ඒ උනාට ඒක වැඩි හරිය පාවිච්චි කරන්නෙ මං තමා ඉතිම්...

නංගිනම් මේ වෙද්දි ඉස්කෝලේ ගිහින් ඇති... ඒ හොල්මන ඉස්කෝලෙට යන්නෙ කුකුළා අතේ අරංනේ... ෆ්‍රිෆෙක්ට්ලා උදේම යන්න එපැයි කියලා තමා ඇහුවමනම් කියන්නේ... මං දැකලා තියෙනවා ඉස්කෝලේ හෙඩා දවසක් පරක්කු වෙලා තාප්පෙනුත් පනිනවා... අපේ එකී තමා කුකුළා අතේ තියන් ගිහින් ලකුණු දාගන්නේ...

අවාරෙක | ON HOLD |Where stories live. Discover now