33

99 12 2
                                    

ගිය වෙලේ ඉදන් එහෙටයි මෙහෙටයි දුවලා අන්තිමට මං මේ යන්නේ ඩාන්සින් රූම් තියෙන පැත්තට... වෙන මොකටවත් නෙවෙයි අපේ නර්තනය ගුරුතුමීව කැන්දන් එන්න පිනාගේ නියෝගයක් අනුව...

" දිනිති මිස්... "

" මේඝන පුතා හදිස්සියක්ද... "

ඩාන්සින් රූම් එකේ බාගෙට වහලා තිබ්බ දොරෙන් මං බෙල්ල දැම්මේ දොරට පිටුපාලා ළමයෙක්ගේ මේකප් තට්ටුවක් උලන මිස්ට කතා කරන්න...

" ප්‍රින්සිපල් එන්න කිව්වා මිස්ට ඉක්මනට ඇවිත් යන්න... "

" හරි පුතා මං එන්නම්... දිව්‍යානි නංගී මං ඉක්මනට ගිහින් එන්නම්... "

මං හිතුවෙ නෑ අපේ ගොනී මේකේ ඉදී කියලා... මං මිස්ට කතා කරලා යන්න හදනකොට ලොකූ හෙනම හුරතල් වොයිස් එක්කින් ලොකූ මට දෙවනීඊ ගෑවේ මං ලොකූව දිහා කුණු මාලූ කෑල්ලක් ගානට දාලා බලද්දි...

" දෙවනීඊ... "

" අනේ මේ ලොකූ මෙන්න වැන්දා මටනම් බෑ ගෑනු ගොඩේ රිංගගෙන ඉන්න... "

" නෑ නෑ... මේ මල්ලිලාට ලාවට මේකප් එකක් දානවකෝ... "

මගේ ළගට ආව ලොකූ පොඩි බොක්ස් එකක් මට දීලා වෙස් නැටුමට ඇදලා ඉන්න මල්ලිලාට ලාවට මේකප් එකක් දාන්න කියද්දි මං කරේ කට ඇද කරගෙන ලොකූට බැනපු එක... ලොකූට බැන බැනම ඉස්සරහ හැරුන මං දැක්කේ අපේ ජූනියර් වොලිබෝල් සෙට් එකේ ඉන්න නුවාව... ඌ කවද්ද යකොව් වෙස් නැටුම් නැටුවේ...

" තමුසෙ මල වදයක් ඕයි අක්කේ... ටහිකේ... තෝත් වෙස් නැට්ටුවෙක්ද... මං හිතුවෙ උබ ස්පෝට්ස් විතරයි කරන්නේ කියලා... "

" අපේ නිවාසේ වැඩ සම්පූර්ණ ඉවරද බං අයියේ... "

" ඒවා ඔක්කොම ඉවරයි බං... මං තුනටම ගිහින් බලලා ආවේ... "

ලොකූ දුන්න ෆවුන්ඩේශන්ද මොනාද මගුල නුවාගේ මූණේ උලන ගමන් මං ඌ එක්ක කයියක් ගැහුවා වෙද්දි එක පාරටම කන කීං ගාන වොයිස් එක්කින් මගේ නම ඇහෙද්දි මං වැඩේ බ්‍රේක් නොකරම ඇහැක් විතරක් හරවලා බැලුවේ මට කතා කරපු එකීව...

" මේඝනාද් අයියා... "

" .... "

" කෙල්ලො මේකප් කරන්නේ අරෙහෙ බං..."

අවාරෙක | ON HOLD |Where stories live. Discover now