35

151 18 10
                                    

ස්පෝට්ස් මීට් ඉවර උන හැටියෙම මට ලොකූගෙන් කෝල් එකක් ආවේ ඊයේ වැවේ පා වෙලා ආව ඩෙත් බොඩි එක ගැන ආරංචි උන තොරතුරක් ගැන කියලා වෙද්දි මං පාකින් එක පැත්තෙන් දුවන්න ගියේ ඉක්මනින්ම ලොකූව හම්බෙන්න යන්න උනත් හදිස්සියේම මට හම්බුනේ අපේ ටාගට් එක වෙච්චි මිස් මෙතාලිව... මං මේ ඉස්කෝලෙට පත්වීම අරන් එන්න ලොකුම හේතුව උනෙත් මිස් මෙතාලි... මෙහෙ ඉස්කෝලේ හිටපු එකව්න්ට් සර්ගෙ ලොකු දුව... මුල ඉදන්ම මට ඒ කෙල්ලව කරදරයක් වෙයි කියන එක තේරුනත් අපේ අරමුණ වෙනකල් කට්ට කාගෙන ඉන්න ඕනි නිසාම මං දෙපාරක් නොහිතා කකුල උලුක් කරගෙන හිටිය මිස් මෙතාලිව පාකින් එකට එක්කගෙන ගියේ බ්‍රයිඩල් ස්ටයිල් එකට අරගෙන... වෙලාවෙ හැටියට මං හිටියෙත් යන්න හදිස්සියෙන් වෙද්දි මට වටේ පිටේ අය ගැන ඒ හැටි ගානක් ගියේ නෑ...

අන්තිමට ලොකූ එක්ක ඒ ගැන විස්තර හොයලා ලොකූ මෙතුල් අයියලාගෙ ගෙදරට යද්දි මං ඇනෙක්ස් එකට ආවේ රෑට කට්ටියටම කෑමත් අරගෙන... මොකද අද දිව්‍යානි අක්කි කකුල් උලුක් කරගෙන නිසා ලොකූ ගානෙම අපි හැමෝටම නොමිලේ රෑ කෑම හම්බෙද්දි මං පුලුවන් ඉක්මනට ආවේ මගේ චූටි මල්ලිගෙ මූණ බලන්න ඕනි නිසා...

" අකී... කට්ටිය මොකද කරන්නේ... කෝ චූටි මල්ලි... "

" චූටි අයියාට නින්ද ගිහින් පොඩි අයියා... එයා ෆෝන් එකත් බදාගෙන නිදි... අඩලා වගේ... "

අකී හිටියේ චූටි මල්ලිලාගෙ ගෙදර කිචන් එකේ වෙද්දි මං ගෙනාව කෑම ටිකත් තියලා එහෙම්ම දිව්වේ චූටි මල්ලිගේ කාමරේට... අකී කිව්වා හරි... එයා අඩලා... එයාගේ කම්මුල් වල වේලුණ කදුලු පාරවල් තියෙද්දි මං දෙපාරක් නොහිතාම ඒ කදුලු පාරවල් පිහලා දැම්මේ එයාගෙ අතේ තිබ්බ ෆෝන් එකත් අයින් කරන ගමන්...

අද හොදට හිටිය කොල්ලා මං ගෙදර එන ටිකකට මෙහෙම අඩලා තියෙන්න හේතුව මටත් හිතාගන්න බැරි වෙද්දි මං එහෙම්ම ඇද ගාව බිම වාඩි වෙලා කල්පනා කරන්න පටන් ගත්තා... බැරි වෙලාවත් එයා මං මෙතාලිව එක්ක ගිය එක දැකලාද... ඒත් එහෙම උනා කියලා අඩන්න තරම් අපි අතරේ බැදීමක් තිබ්බේ නෑ... එයා දන්නේ මං ආරෝශ් නමින්... ඒ එක්කම මට මතක් උනේ එයා තුරුල් කරගෙන හිටිය ෆෝන් එක වෙද්දි මං ෆෝන් එක අතට අරගෙන ස්ක්‍රීන් එක ටච් කරත් ලොක් එක නිසා මාව වැටුනේ ලෝක අමාරුවක... ෆින්ගර් ප්‍රින්ට් ගන්න ගියොත් ඇහැරෙන නිසා මං ලොක් එකට දාලා තිබ්බ පින් එක ගෙස් කරන්නේ ගත්තේ කොහොම හරි ෆෝන් එක අන්ලොක් කරගන්නවා කියලා හිතාගෙන...

අවාරෙක | ON HOLD |Where stories live. Discover now