.
.
.විශේෂ කෙනෙක්ට විශේෂ දෙයක් කියන්න...
ඒ වචන ඔලුවෙ දෝංකාර දෙද්දි මං කලුවර අහස දිහා බලාගෙන හිටියෙ ඉස්සරහ තිබුණ ශටර් එකෙන්..
ඒ වෙද්දි කෝච්චියෙ සෙනග ගොඩක් අඩුවෙලා හිටිය නිසා කලබලකාරි ගතියක් තිබ්බෙ නෑ..
ඒ වුණත් මගෙ හිත තිබුණෙ තනිකරම යුධ පිට්ටනියක් වගේ කලබල වෙලා..
එයා කොතනින්ද බහින්නෙ??
මගෙ හිත මගෙන්ම ප්රශ්න කරද්දි මගෙ ඇස් එහා දිහාවට හැරුණා.. මල් ටික අතේ තද කරගෙන සින්දු අහන එයා හිටියෙ ඇස් පියාගෙන..
එකයි.
දෙකයි..
තුනයි...
හතරයි....
පහයි.....
හයයි.........
එයා අතේ සුදු පාටින් රෝස මල් තුනයි රතු පාටින් රෝසමල් තුනයි තිබුණා..මම බහින්න ළං වෙද්දි මම ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා..
එයා දැම්මම බහින පාටක් තිබ්බෙ නැති නිසා මම හිමීට එතනින් ඇවිදන් ගියෙ එයා එයාගෙ අත මගෙ අතේ පටලගනිද්දි හිතට දැනුන සතුටට සාප කර කර...
බෑග් එක කරේ එල්ලගෙන මම කෝච්චියෙන් බැහැලා ඉස්සරහට ඇවිදන් ගියෙ එයා දිහා ආයෙම නොබලා.
ඊළග සතියෙ ඉදන් හයයි දහයෙ කෝච්චියට සමු දෙන්න මම තීරණය කලේ එයා වෙන කෙනෙක්ගෙ වෙද්දි එයා ගැන තිබ්බ මතක ඒ කෝච්චියෙම අමතක වෙන්න දෙනවා කියලා හිතලා...
ඒ වුණත් හිතට විශ්වාසයක් තිබ්බෙ නෑ ඒක කරන්න පුලුවන් වෙයි කියලා.. නමක් වත් නොදැන ඒ හිතට මං බැඳුනෙ ආයෙම කිසිම විදිහකින් ගලවගන්න බැරි වෙන විදිහට..
ඇඟට දැනුන සනීප සීතල හුළඟයි රැලි ගහන සද්දෙයි ඇහෙද්දි හිතට කියාගන්න බැරි සැනසීමක් ගෙනාවෙ මම බීච් එකට ආවා කියලා මට කියන්න...
මීට අවුරුදු දෙකකට කලින් සතුටින් මුහුදෙ උඩ පැනපු පොඩි එකා වෙනුවට දැන් තමන්ගෙ වෙන්නත් කලින් අහිමි වුණ ආදරයක් ගැන හිතලා වැළපෙන තරුණ කොල්ලෙක් දකින්න මුහුදත් බලාපොරොත්තු නොවෙන්න ඇති...
දාන් හිටිය සපත්තු දෙක ගලවලා අතට අරන් වැල්ලෙ ටිකක් දුර ඇවිදන් යන්න ගත්තෙ වෙරළෙ තැනින් තැන තිබ්බ සුදු පාට එළිය වැටිලා වැල්ල දිස්නෙ ගහන විදිහ බලාගෙනමයි...
රැල්ල ඇවිත් කකුල් තෙමාගෙන ආයෙ මුහුදට යද්දි වෙරළ දිගේම රැල්ල පාගගෙන මං ඇවිදගෙන ගියෙ හරියටම යන්න තැනක් ගැන ලොකු අවබෝධයක් නැති වෙද්දි..
අලෝ කියුට් මෝචී.. මේක ඔයාත දෙන්න කුව්වා...
මගෙ ඉස්සරහ හිටියෙ අවුරුදු හයක විතර පුංචි ගෑණු ළමයෙක් වෙද්දි එයා රතුයි සුදුයි රෝස මල් දෙකක් මට දික් කරන් හිටියා..
මේක.. මටද??? කවුද දෙන්න කිව්වෙ??
එයාගෙ උසට හරියන්න පාත් වුණ මම එයාගෙන් මල් දෙක අරගන්න ගමන් ඇහුවත් එයා මම මල් දෙක ගත්ත ගමන් දුවලා ගියා..
ඈතින් හිටිය ගෑණු කෙනෙක් ළගට දුවන් ගියපු ඒ පොඩි දරුවා එයා එක්ක යන්න ගියා.. එයාගෙන් හම්බුණ මල් දෙකත් අතේ තියාගෙන මම වෙරළෙ තිබුණ බංකුවකින් ඉදගත්තා..
එක්ස්කියුස් මී සර්.. මේක ඔයාට....
බංකුවෙන් ඉදගෙන වැඩිවෙලාවක් ඉන්න හම්බුණේ නෑ..
මට පිටිපස්සෙන් ඇහුණ පිරිමි හඬක් එක්ක මං පිටිපස්ස හැරිලා බැලුවා.. මට වඩා බාලයි වගේ පේන පුංචි පිරිමි ළමයෙක් කලින් වගේම රෝස මල් දෙකක් මගෙ දිහාවට දික් කලා..
ම්..මට???
එයා ඔලුව වනද්දි මම එයාගෙන් මල් දෙක ගත්තා..
සර්... සර්ට ඔයාගෙ ආදරේම ලැබෙන්න කියලා මං ප්රාර්ථනා කරනවා..
එහෙම කියපු එයා එතනින් යද්දි මගෙ ඇහැට උණපු කඳුලු මං හිමීට පිහදගත්තෙ එයාගෙ ඒ ප්රාර්ථනාව ඉෂ්ට වෙනවනම් මමත් හරිම කැමතියි කියලා හිතන ගමන්...
හිතට දැණුන දුක එක්ක ඇස් වලට උණපු කඳුලු ඔහේ ගලාගෙන යන්න දුන්නෙ මං අඬන දිහා බලලා මට අඬන්න එපා කියන්න තරම් කෙනෙක් වෙරළෙ නොහිටිය නිසා..
කඳුලු වලින් සීතල වෙලා තිබ්බ කම්මුල් වලට උණුසුමක් දැනෙද්දි මම ඒ දිහා බැලුවා...
මගෙ කඳුලු අලුත් වුණේ ඒ හිටිය කෙනා එක්ක..
__________________________________________________________
To be continued🖤
තව එකයි....
කමෙන්ට් එකක් දාන්න..
💚❄️__________________________________________________________
YOU ARE READING
Stranger [YM _ Short Story] ✔
Hayran KurguCan you love someone who even you don't know his name.. Yeah He can... He loves his Stranger..