02 කොටස 🦋

853 121 23
                                    

දෑසේ දුරින් 🦋
02 කොටස

"හත් දෙයියනේ... මේ මොන අපරාදයක්ද...."

එහා ගෙදර ශීලා ඇන්ටි ගමම දෙදරන්න කෑ ගහගෙන ගෙදරින් එළියට පනිනකොට මට ඉබේටම කපු මහත්තයගේ මූණ දිහා බැලුවා. ආයේ කියන්න දෙයක් නෑ අපේ අම්මි උදේට මට බත් එක බැදලා දෙන කඩදාසිය වගේ පොර සුදුමැලි වෙලා. කවුද හිතුවේ එහෙම කිව්වට මෙහෙම වෙයි කියලා වගේ බැල්මට් එකක් දාගෙන හිටිය මිනිහගේ මූණ දකිනකොට මට බිම පෙරලි පෙරලි හිනා වෙන්නෙ හිතුනා.

"අනේ දෙයියනේ.... අපේ මුත්තා හිටෝපු කොස් ගහ.... පරම්පරා කීයකට කන්න දුන්නද දෙයියනේ.... මොකාගේ ඇස් වහ වැදුණද දන්නේ නෑ.... "

ශීලා ඇන්ටිලගෙ වත්තේ කෙලවරේ අපේ ගේ පැත්තට වෙන්න තියෙන කොස් ගහ ගාවට වෙලා ශීලා ඇන්ටි කඳුළු පෙරනවා. කඩාගෙන වැටිලා තිබ්බේ ගෙඩි පිරිච්ච අත්තක්. එකේ තිබ්බ හෙරලියි පොලොසුයි සේරම හතර අතේ වැටිලා තිබ්බා. ශීලා ඇන්ටි කෑ ගහන සද්දෙට හතර වටේම කට්ටිය එහෙට එකතු වෙලා. අහළ පහළ ආච්චිලා නිකටට අත තියාගෙන හූල්ලනවා. බොරු කියන්න ඕන නෑනේ. ඔය ගහෙන් ඇති වෙන්න අපි උනත් කොස් පොලොස් කාලා තියෙනවා. ශීලා ඇන්ටි කවදා පොලොස් ගෙඩියක් ඉව්වත් මගේ කොටස දෙන්න අමතක කළේ නෑ... සිරාවටම ගහට උන දේ ගැන මටත් පට්ට දුකයි.

"අපරාදේ පුතේ කොස් ගහ... "

ඒ අස්සෙන් අපේ අම්මිත් හූල්ලනවා. තේකක් හදාගෙන එන්න කියලා කුස්සියට ගිය එයා ආයෙම ඇවිත් ඉස්සරහ කණුවකට හේත්තු වෙලා. කවදාවත් නැතුව අනිද්දට එන්නම් කියලා තේකකුත් නොබී කපු මහත්තයා මාරු වෙලා යද්දි නම් මම නම් හිටියේ හිනාව කාගෙන. හිනාවෙන්න හොද නෑ තමයි. ඒත් ඉතිං අතේ පැලවෙන බොරු කියනකොට ඕවා අහු වෙනවා කියලා හිතන්න එපැයි. ගමේ ආච්චිලා කපු මහත්තයගෙ කට වහ ගැන කියන කතා ඇත්තත් වගේ...



මියෑව්ඌඌඌඌඌඌ

මියෑව්ඌඌඌඌඌඌ

සාලෙ පැත්තෙන්ම පුරුදු විදියටම අම්මිගේ සුදු මැණිකේ මියුසිකල් ශෝ එක පටන් අරගෙන. ගෙදර මිනිස්සු කන්න ගන්නවත් එක්කමයි ඔය ශෝ එක පටන් ගන්නේ. මියෑව්ඌඌඌඌඌඌ තමා... වෙලාවකට උස්සලා පොලේ ගහන්න හිතෙනවා. ඒ උනාට අම්මිගේ සුදු මැණිකේට මක්ක හරි උනොත් මට ගෙදරින් ලෙෆ්ට් වෙන්න වෙනවා. ඒක ශුවර්. ඒ තරම් අම්මි ඕකට ආදරෙයි. මට නිකන් පරිප්පු එක්ක බත්. ඒකට මාළු තම්බලා ඒවත් එක්ක බත්. පුදුම වේසකමක් තමයි ඒක. ඌට සුදු මැණිකේ කිව්වට ඇත්තටම උගේ සුදු දත් ටික විතරයි. නැත්තම් ඕකා කට්ට කළුයි. රෑකට ලයිට් එකක් නැතුව හොයාගන්න බෑ. ඒ නිසා මම නම් ඕකට කියන්නෙ කළු අප්පුවා කියලා. හැබැයි පොතේ නම ට්වින්කල්. ඒත් වෙලාවකට මම ඕකට අප්පුහාමිත් කියනවා. යකා වැහුණම නම් ඉතිං කියන්නේ කිරි කැටියා කියලා තමයි. යූ නෝ කිරි කැටියා.. කිරි කැටියා කැරි කිටියා...

දෑසේ දුරින් 🦋| ᵞⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ|ⁿᵒⁿ ᶠⁱᶜᵗⁱᵒⁿ ᵇˡ (Slow Update)Where stories live. Discover now