දෑසේ දුරින් 🦋
22 කොටස"නිදූ කියන්නෙ කවුද කියලා දන්නෙම නැද්ද... ම්ම්ම්..."
අභිරූ මගේ මූණටම එබිලා අහනකොට මම ඇස් දෙක තද කරලා වහ ගත්තා. එයාගෙයි මගෙයි අතරේ තිබුණේ නූලක තරම් දුරක්. එයාගෙ උණුසුම් හුස්ම මගේ බෙල්ලෙ වැදෙන වාරයක් ගානේ මගේ ඇඟ පුරාම හිරියක් දිව්වා. එයාගෙන් දැනෙන උණුසුම එයා ඉන්නෙ මගේ ගාවමයි කියලා මට කියද්දි මට එයාගෙ ඇඟිල්ලක් මගේ තොල් උඩ නවතිනවා දැනුනා. ඒත් එක්කම මගේ ඇස් ඇරෙද්දි මම දැක්කෙ මත් වුණු බැල්මකින් මගේ දිහා බලාගෙන ඉන්න අභිරූව. ඒ ඇස් ඇතුලේ තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා කියන්න නොතේරුනත් ඒ හැම දෙයක්ම ඉපදුණේ මම වෙනුවෙන් කියන්න මට වෙන හේතු ඕන වුණේ නෑ.
"ම්හ්ම්..."
අභිරූගෙ ඇඟිල්ල මගේ තොල් උඩ තවත් තද වෙනකොට මට කෙඳිරි ගෑවුණා. ඒක රිදෙනවා. අභිරූ හිතාගෙන ඉන්නෙ මගේ තොල් මාෂ්මෙලෝ කියලද දන්නෙ නෑ. නැත්තම් ඔහොම ඔබන්න යන්නෙ නෑනේ. තදින්ම එයාගෙ ඇඟිල්ල මගේ තොල් උඩින් අරගෙන ගිය අභිරූ මගේ තොල් වල ගෑවිලා තිබුණු චොක්ලට් ගෑවිලා තිබුණු ඇඟිල්ල කටේ දාගන්නකොට මට නිකන්ම යටි තොල හැපුනා.
"එහෙනම් හොයා ගනින්.."
මගේ ඔළුවට ඇඟිල්ලෙන් ඇනපු අභිරූ යන්න ගියා. යන්න කලින් හැරිලා මගේ දිහා බලපු අභිරූගෙ කට කොනේ හිනාවක් තිබ්බා. ඒක මහ සවුත්තු පාටයි. මේ මනුස්සයා වෙස් පෙරලන්නෙ හිතාගන්න බැරි තරම් ඉක්මනට. එයා අර කට කොනේ හිනාව එක්කම එතන තිබ්බ පඩි පෙළ දිගේ උඩට යද්දි මම ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ එයා යන දිහා බලාගෙන හිටියෙ එයා කියපු දේ තේරුම් ගන්න බැරුව. ටික වෙලාවක් ගියාමයි මට තේරුනේ එයා කිව්වෙ නිදූ කියන්නෙ කවුද කියලා හොයන්න කියලා. ඕක කියලා ගියා නම් ඇඟේ කෑල්ලක් යනවද මන්දා....
"මේ මාත්තියා කවුද..."
හිටිය තැනම හිටගෙන අභිරූගෙ හැසිරීම ගැන කල්පනා කර කර හිටිය මම කවුරුහරි කතා කරනවා ඇහිලා හැරිලා බැලුවා. ඉස්සරහ දොර ගාව හිටගෙන හිටියෙ අවුරුදු හැත්තෑවක විතර ටැමිල් මනුස්සයෙක්. ලා නිල් පාට ස්වෙටර් එකක් ඇදගෑන රතු පාට අයිස් කැප් එකක් දාගෙන හිටිය ඒ කෙනා මෙහේ වැඩ කරන කෙනෙක් කීයලා මට හිතුනා. එයා පුදුමෙන් වගේ මගේ දිහයි එලියෙ තියන අභිරූගෙ වාහනේ දිහයි මාරුවෙන් මාරුවට බලනවා දැකපු මම යන්තම් හිනා වුණා.
YOU ARE READING
දෑසේ දුරින් 🦋| ᵞⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ|ⁿᵒⁿ ᶠⁱᶜᵗⁱᵒⁿ ᵇˡ (Slow Update)
Hayran Kurguඉතින් නුඹ රැඳෙනවා නම් දෑසේ දුරින් බලා ඉන්නම් කෙදිනකදි හෝ මගේ ම වනතෙක් දෑසේ දුරින් 🦋 Yizhan | non fiction bl AnastasiaWang27