14 කොටස 🦋

453 85 8
                                    

දෑසේ දුරින් 🦋
14 කොටස

"කෝල් කලා.... අපේ අනුරුද්ධ..."

මිසිස් යටවරබණ්ඩාර ඇහුවේ පුදුමෙන්. පුදුම වෙන එක සාධාරණයිනෙ. මමත් කෝල් එක ආවම පුදුම උනානේ.

"ඔව් මිසිස් යටවරබණ්ඩාර... කෝල් කරලා මට එන්න එපා කිව්වා.."

අහ්... මට ඒක කියන්න බැරි උනානේ. එදා අර මට කෝල් එකක් ආවේ... ඒ මගේ අලුත් පේෂන්ට්ගෙන්. මහ ලොකු දෙයක් කිව්වෙ නෑ... ආවොත් ආයෙ කවදාවත්ම ජොබ් එක කරන්න තියෙන ආසාව නැතිවෙයි කියලා විතරයි කිව්වෙ. හැබැයි ඒ කියපු හැටියට නම් මටත් හිනා අපේ පූසටත් හිනා...

"අනුරුද්ධගෙ හැටි ඔහොම තමයි ළමයෝ... ඔයා අපේ අනුරුද්ධගෙ හතලිස් එක්වෙනි ඩොක්ටර්... කලින් ආව කිසිම ඩොක්ටර් කෙනෙක් සති දෙකකට වැඩිය හිටියේ නෑ. මොනවා හරි කරලා එයාව එලවගන්නවා... ඔයාටත් ලේසි වෙන එකක් නෑ..."

මිසිස් යටවරබණ්ඩාර යන්තමට වගේ හිනා වෙලා කියනකොට මට හිතුණේ අලුත් කෙනා එච්චර ලේසි පහසු කෙනෙක් නෙවෙයි කියලා. ඕවට සැලෙනවද මම... නෑ... කොහෙත්ම නෑ... ඔය නෑ බෑ තියරි මේ හිමෙත් එක්ක බෑ... මම මිසිස් යටවරබණ්ඩාරට උත්තර දෙන්න ලෑස්ති වෙනකොටම එතන තිබ්බ මගේ පෝන් එක ආයෙමත් වයිබ්‍රේට් උනා. වෙන කාගෙන්වත් නෙමෙයි... මිස්ටර් අනුරුද්ධගෙ මැසේජ් එකකින් තමයි.

' ඔය ළමයට කියපු දේ තේරිලා නෑ වගේ නේද... හෙට උදේ වෙනකම් දෙන්නම්... උදේ වෙනකොටත් ගෙදර හිටියොත් බලාගමු...'

මේ මනුස්සයා හෙන childish නේ... මේක නිකන් අර මොන්ටිසෝරි බබාලා කෑ ගහන්නේ මම දැන් තමුසෙට ගහනවා... ඊට කලින් දුවන්න කියලා... අන්න ඒ වගේ යකෝ මේක... මේවා දකිනකොට තමයි මට හිතෙන්නේ කොහොම කරලා හරි මෙහේ නවතින්න ඕනමයි කියලා...

"ඔය ඔයාගෙ අම්මද..."

මිසිස් යටවරබණ්ඩාරගෙ කටහඬ ටිකක් වෙව්ලනවා වගේ කියලා මට හිතුනා. සමහරවිට සීතල නිසා වෙන්න ඇති. මගේ ලොක් ස්ක්‍රීන් එකේ තිබ්බ අම්මිගෙයි මගෙයි පොටෝ එක දැකලා මිසිස් යටවරබණ්ඩාර අහනකොට මම ඔව් කියන්න ඔළුව වැනුවා.

"ඔව් මිසිස් යටවරබණ්ඩාර..."


"මිසිස් යටවරබණ්ඩාර කියන්න ඕන නෑ පුතා... මට ආරාධනා ආන්ටි කියලා කතා කරන්න... "

දෑසේ දුරින් 🦋| ᵞⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ|ⁿᵒⁿ ᶠⁱᶜᵗⁱᵒⁿ ᵇˡ (Slow Update)Where stories live. Discover now